" දැන් මොකක්ද ඔයා කියන්නෙ....?"
අත් දෙක පපුවට බැඳගෙන හෙනම සිරා වෙච්ච මම තියුණු ඇස් වලින් මං ඉස්සරහා ඉන්න රූපේ දිහා බලාගෙන එහෙම ඇහුවා....
බොරු කියන්න ඕනෙ නෑ මෙවලෙ මම උන්නෙ සීරියස්ම පිට......
" විහින් ජීවිතේ අනාගන්නෙ නැතුව මං කියන දේට කැමති වෙනවා කෙනුද්.....
තමුසෙ තවම පොඩි ළමේක්....."ඉවසපන්....
ඉවසපන් දාඹරයා ඉවසපන්......
මේ උගතා ළඟ ඉවසපන්.....පිටින් නැහැ කිසි සද්දයක් හිත ඇතුලෙ හෙන යුද්දයක් කියලා මම මගෙ ඉවසීම ප්රගුණ කරන්න තීරණය කලා..."ලොකු පුතා ඇල්පි
මම ඔයාට තේරෙන සිංහලෙන් කිව්වා මං ඉගන ගන්න ආස නෑ.... ආස නෑ කියන්නෙ ආස නැති නිසා.... ආස නෑ කියන්නෙ ආසම ආසම ආසම නැති නිසා.....මං ඉගන ගන්න ආසත් නෑ මට ඉගන ගත්ත උන්ව පේන්නත් බෑ....""හරි තමුසෙ ඉගන ගන්න ඕනෙ නෑ
මට කියනවා තමුසෙ මේ කරන දේ තේරුම මොකක්ද?එම්බාම් මූණා තව තව ඒකාගෙ මූණ එම්බාම් කරගෙන සීතල බැල්මක් මගෙ දිහාවට දාලා මගෙන් එහෙම ඇහුවා....
දැන් නම් මට නගිනවා ලෙසටම....
"ඒක මොකටද මම ඔයාට කියන්නෙ...?"
ඇල්පියා මගෙන් අහනවා මේවායේ තේරුම මොකක්ද කියලා.....තේරුම ගැන උට කියන්නෙ කොහොමද මොකද මං දන්නවා කියලාද?
" නයනා කුසුම්ව ඇත්තටම කසාඳ බදින්න වුනොත් තමුන් ඒ දේට මූණ දෙන්න ලෑස්ති එහෙමද?"
" ඩෙෆා ඇල්පි මහත්තයා .....
මං කලින් වතාවෙත් කිව්වානෙ
මේ දාඹරයා ආදරේට විහිලුවක් කලාට විහිලුවට ආදරේ කරන්නෙ නෑ....මම නයනා කුසුම්ට හදවතින්ම ආදරෙයි..."මහ පගයා වගේ හෙනම සීන් එකෙන් මම කතා කලා....
මට බෑ නයනා කුසුම්ව බදින්න ඒත්.....ඒත් ටියුෂන් ගුරාට ඒ පණ්ඩිතකම් වැඩක් නෑනේ...මොකද මං යනවාද මුගෙ වතගොත හොයන්න.....මාසයක් මේ ගෙදර ජීවිත් වුනා අනේ මම නම් මුගෙ ටියුෂන් පංති තියෙන්නෙ කොහෙද කියලාවත් හොයන්න ගියෙ නෑ...මොකද මට වැඩක් තියනවාද හා.... ඇරත් මං කියන්නෙ ජේමිස් ගුණපාලටවත් මං ගැන කැක්කුමක් නෑනේ එම්බාම් මූණට තරම්....
YOU ARE READING
ට්රයිඩැක්ස්🌼 ( YiZhan )
Romanceකට කොනේ උපන්න හිනාව තවම එහෙමමයි.....ඒ ගැඹුරු පිරිමි ඇස් වල බැල්ම මගෙ ළඟමයි... ලබ් ඩබ් ලබ් ඩබ්.... මගෙ පපුව ඇතුලෙ එකම යුද්ධයයි... ඒත් මොහොතයි..... ඉන් එහා මට වටපිටාව අමතකයි.... මගෙම පපුව මටම විරුද්ධ යුද්ධෙක වුනත්....නෑ .....මට නිච්චියක් නෑ...... වෙනද...