යක්කු ගස් නගින හෝරාවට තව විනාඩි විස්සක් ඉතිරි වෙලා තිබුනා....
වෙනසක් නැතිවම අවටින් තවමත් බල්ලොන්ගෙ උඩු බිරිලා ඇහුනා....
අසුභ ලකුණක්...
නැතුවද දාඹරේ පුතා හතරෙ කෑල්ලෙන් නික්මෙන මොහොතනෙ මේ.......
ඉතින් සතා සිව්පාවා පවා කම්පා නොවී ඉදීද?
අනෙ අප්පේ පොඩි කාලේ ඉදන් හැදුන වැඩුන තැන නේන්නම් මේ....
ඒත් ඉතින් මං කියලා මොනවා කරන්නද?
මගෙ අනාගතේ වෙනුවෙන්නෙ මේ හැමදේම.....ඊටත් කුසුම් තමයි මගෙ පන...කුසුම් කිව්වා වගේම මම පැනලා යන්න ඕනෙ කරන සේරම බෑග් මල්ලකට ලෑස්ති කරගන්න ගමන් උන්නා. .....ඔක්කොම ඇඳුම් ගත්තෙ නෑ...ඇඳුම් කෑලි දෙක තුනයි ගත්තෙ...ඕස්ට්‍රේලියා ගියාට මං ආයේ ලංකාවට එනවානෙ....ලංකාවට ආවම අදින්නත් ඇඳුම් තියෙන්නෙත් එපෑ....ඊටත් ඕස්ට්‍රේලියා යන්න කලින් කුසුම්ට කියන්න ඕනෙ අපි සොපින් යන් කියලා....ඕස්ට්‍රේලියාවේ යන්න තරම් ඇඳුමක් මගෙ ළඟ නෑ අනේ....ඇරත් ප්ලේන් එකේනෙ යන්නෙත්...පොෂ් විදිහට යන්න ඕනේ.....
ඇලපාත ..... ඇලපාත ..... ඇලපාත...
ගෑණි අරගෙන මම ඕස්ට්‍රේලියා පැන්නාට පස්සෙ ඇලපාත ඩවුන්ද පල්ලම්....එම්බාම් මූණාගෙ මළ මිණී මූණ මතක් වෙච්ච මට හෙනම කුරිරු හිනාව ඇඳුනා...
කුඩු ඇලපාතයාගෙ ඔලුව වැඩී...
ඒකමයි මට පේන්න බැරි....
ආවා මෙතන මට කුසුම් එක්ක තියන සම්බන්දෙ නතර කරන්න කියන්න...
ඇයි කෙරුමානෙ ඇලපාතයා..දිස්ත්‍රික්
ප්‍රථමයා බිහි කලා කියලා ඇයි මට පාන්නෙ..අනේ අපිට නම් ලොකු නෑ.. .
දිස්ත්‍රික් ප්‍රථමයා? හරි අමාරු ඇති එම්බාම් මූණට ප්රථමයො බිහි කරලා....මගෙ පාස්පෝට් එක .....
විකාර හිත හිතනම මම බෑග් එකට මගෙ ඇඳුම් ලෑස්ති කරගෙන ඉවර වුනා.....
රෙදි පුරවපු කරේ දාගෙන යන බෑග් එක වහපු මම එහෙන්ම අල්මාරියෙ ලාච්චුව ඇරියා.....මේ තියෙන්නෙ දිලිසි දිලිසි...
මම පාස්පෝට් එක හැදුවෙත් කුසුම් එක්ක ගිහින්.....කුසුම් මට හරීයට බල කලා පාස්පෝට් එක හදන්න කියලා..අනේ ඉතින් මගෙ පැංචි....එයාම තමා ඒකටත් වියදම් කලේ....දැන් තමයි මට තේරෙන්නෙ ඇයි කුසුම් පාස්පෝට් එක හැදවෙව්වෙ කියලා.....මගෙ මැණික් කැටේ හරීයට අපි දෙන්නාගෙ අනාගතේ ගැන හිතලා.....දාඹරේ පුතාගෙ වාසනාවට තමයි මගෙ මැණික් කැටේව මට ලැබුනේ..
YOU ARE READING
ට්‍රයිඩැක්ස්🌼 ( YiZhan )
Romanceකට කොනේ උපන්න හිනාව තවම එහෙමමයි.....ඒ ගැඹුරු පිරිමි ඇස් වල බැල්ම මගෙ ළඟමයි... ලබ් ඩබ් ලබ් ඩබ්.... මගෙ පපුව ඇතුලෙ එකම යුද්ධයයි... ඒත් මොහොතයි..... ඉන් එහා මට වටපිටාව අමතකයි.... මගෙම පපුව මටම විරුද්ධ යුද්ධෙක වුනත්....නෑ .....මට නිච්චියක් නෑ...... වෙනද...