" කොල්ලො නැගිටපන්......
විහර......විහර නැගිටපන් හතත් පහු වෙලා......"" අනේ සීයා තාත්තේ මේ පාඩුවෙ ඉන්න හරිය....මං අද වැඩට යන්නෙ නෑ....."
කොට්ටෙන් මූණ වහගෙන මම මැරෙන්න ගියා.....
වැඩට යන්න....
වැඩට යන්න තමයි...
වැඩටම යන්න තමයි දැන් මට වෙලා තියෙන්නෙ......." උබ ගිය සතියෙත් එක දවසක් ගෙදර....
දැන් අදත් ගෙදර....ඔහොම ගියොත් නම් උබව ඔතනින් පන්නනවා....විජේකෝන් මහත්තයා ඔච්චරවත් උබව ඔය රස්සාවෙ තියාන ඉන්නෙ මගෙ දැන හැදුනුම් කමට ...."ඔන්න.....ඔන්න පටන් ගත්තා ජාතකෙ කියන්න.....
" කරලා කියවන්න එපා හරිය.....
ජොබ් එක....ජොබ් එක....ජොබ් එක....
හරි කෙලියක් වුනානේ මේක....
විජේකෝන්......හරි ලොකුයිය විජේකෝන්....අනේ අපිට නම් ලොකු නෑ.....
අමරදාස විජේකෝන්......ඔය මිනිහා මගෙන් පඩියට වැඩිය වැඩ ගන්නවා.....
අනේ අම්මපා මමත් ඔය රස්සාව කරනවාට කරනවා....... නැත්නම් දනී මං අමරදාස විජේකෝන්ට කරන දේ....."මූණ උඩ තිබුන කොට්ටෙ වගේම ඇඟේ දවටන් උන්න බෙඩ්ශීට් එක පැත්තකට විසි කරපු මම එහෙම කියන ගමන් ඇඳ උඩ වාඩි වුනා.....
"දවසක් ඇර දවසක් වැඩට යන්න නම් උබට කොහොමත් රස්සාව කරන්න වෙන්නෙ අමරදාස විජේකෝන් ළඟ තමා....
වෙන එකෙක් ළඟ වැඩ කලා නම් පු#ට පයින් ගහලා උබව එලවන්නෙ....
මූණ හෝදගෙන ලෑස්ති වෙයන් .......උබට පරක්කු වෙලා තියෙන්නෙ....."" මං කිව්වානෙ මං අද වැඩට යන්නෙ නෑ...."
ඇඳ උඩ එරමිණියා ගොතන් වාඩි වෙලා ඉදපු මම සීයා තාත්තාට එහෙම කියන ගමන් මූණ විතරක් ඉතිරි වෙන්න බෙඩ් ශීට් එක ඔලුවෙ ඉදන් පොරවගෙන කොට්ටෙකුත් බදාගත්තා.....
මං හිතන්නෙ මං
ලොකු වෙලා....." අර මක්කටද උබ වැඩට නොයන්නෙ අද....උබට ඉහෙන් බහින රෝගෙකුත් නෑනේ....."
මගෙ දිහා කුතුහලෙන් බලන් ඉදපු සීයා තාත්තා එහෙම කියන ගමන් ඇඳ කෙලවරෙන් වාඩි වුනා....
ගුණපාල ජේමිස් දාඹරේ....
නම බෝල්ට් ඇණ නම් වාසගම කිරි හොඳ්ද වගේ......එකකට එකක් ගැලපෙන්නෙ නෑ i know.....මගෙ නමම පේන්නෙ නැද්ද
කෙනුද් විහර දාඹරේ....නමේ තියන ගැම්මාත් යනවා..ඉස්සෝකෙ ඉස්සෝකෙ...
කොහොම වුනත් අවුරුදු හැත්තෑවක් වෙන ගුණපාල ජේමිස් දාඹරේ කියන්නෙ මගෙ සීයා තාත්තා ....... මගෙ තාත්තාගෙ තාත්තා ....
YOU ARE READING
ට්‍රයිඩැක්ස්🌼 ( YiZhan )
Romanceකට කොනේ උපන්න හිනාව තවම එහෙමමයි.....ඒ ගැඹුරු පිරිමි ඇස් වල බැල්ම මගෙ ළඟමයි... ලබ් ඩබ් ලබ් ඩබ්.... මගෙ පපුව ඇතුලෙ එකම යුද්ධයයි... ඒත් මොහොතයි..... ඉන් එහා මට වටපිටාව අමතකයි.... මගෙම පපුව මටම විරුද්ධ යුද්ධෙක වුනත්....නෑ .....මට නිච්චියක් නෑ...... වෙනද...