" අපි මේ කොහෙද යන්නෙ කිව්වා නම් ලේසිනෙ ලොකු පැංචො....අර මිනිස්සු මොනවා හිතුවාද මන්දා...."
" මට උත්තර දෙන්නවාත් ඔයා ඉඩක් තිබ්බෙ නෑනේ....එරික් අයියාට වුනත් වැඩේට අවුල් ඇති....."
ටියුෂන් ගුරාගෙ අතට මගෙ මැණික් කටුව තද වෙලා තිබුනා....ටියුෂන් ගුරා මාවත් ඇඳගෙන ගෙයින් එළි බැස්සා...වෙච්ච කෙරිච්ච දෙයක් හිතාගන්න බැරි වුන මම ටියුෂන් ගුරා පස්සෙ ඇඳිලා ගියා....
වට පිටාවෙ ඉන්න සුදු කළු ඇඳගත්තු උන්ගෙ ඇස් අපි ළඟ නතර වෙලායි කියන්න මම ඇස් කොනින් දැක්කා..." ඔයා මාව අත ඇරියා නම් මට ඔයාගෙ පස්සෙන් දුවගෙන එන්න තිබ්බා...ඔයා මේ යන වේගෙට මට ටිකක් හති වගේ....
මං කියන්නෙ ඇල්පි මහත්තයෝ අපිට ටිකක් හිමින් යන්න පුලුවන්නෙ.....බුදු අම්මෝ ඔන්න ඔන්න ඔය කණුවෙ හැප්පෙයි .....""සීවරන් දෙයියනෙ නූලෙන් බේරුනෙ....
ඔයා දැන් මාව ඇඳගෙන මේ ඇත්තටම කොහෙද යන්නෙ කිව්වා නම් ඉවරනෙ...."ටියුෂන් ගුරා යන යෑමට මටත් කකුල් වලට රෝද හයි කරගන්න වුනා වගේම එක පාරටම මාව වැරැන්ඩා එකේ කණුවක හැප්පෙන්න ගිහින් නූලෙන් බේරුනා...
" ඒ වුනාට ලොකු පැංචො අර මිනිහා එක පාරටම රනුද් විජේමාන්න ගාද්දි මට පුදුම හිතුනා.....එවලෙනෙ මම ඒකාගෙ මූණ බැලුවේ....හැබෑවටම ඒ උන්නෙ රනුද් විජේමාන්නයා නේන්නම්.....ඔයාට කියන්න ලොකු ඇල්පියෝ ඒකා ඉන්න ටෙලි නාට්‍ය එකක්වත් මම මඟ ඇරලා නෑ...ඔක්කොම බලලා තියනවා.....ඒත් මං අද වෙනකම් දැනගෙන උන්නෙ නෑනේ ඒ යකා විජේමාන්න ඇමතියාගෙ පුතා කියලා....හරි වැඩ තමයි දාඹරේ පුතාටත් වෙන්නෙ...."
" අනේ එව්වා වැඩක් නෑ ලොකු පැංචො ඔයා මේ කො..."
"නගින්න...."
කට කමසිරියාවක් නැතිව මම ඔහේ කියවද්දි ටියුෂන් ගුරා නෙවේ එක වචනක් කතා කලා...
අර ඇවිත් ඉන්න ඇමති පුතා ඒකා සී ලංකාවේ ජනප්‍රිය නලුවෙක් වෙද්දි ඒකා මට එකාව අදුන්වල දෙන්නා ගියපු වෙලෙයි මං හරියටම ඒ යකාගෙ මූණ දැක්කෙ....
රනුද් විජේමාන්න....
ටෙලි විසන් එකේ ඒ යකා නැති නාට්‍යක් නෑ මං හිතන්නෙ....බුදු අම්මේ ගෑණු ඒ යකාට මැරෙන්න යනවා....ඒත් අද වෙනතුරු මං දැනගෙන උන්නෙ නෑ රනුද් විජේමාන්න කියන්නෙ විජේමාන්න ඇමතියාගෙ පුතණ්ඩියා කියලා...
YOU ARE READING
ට්‍රයිඩැක්ස්🌼 ( YiZhan )
Romanceකට කොනේ උපන්න හිනාව තවම එහෙමමයි.....ඒ ගැඹුරු පිරිමි ඇස් වල බැල්ම මගෙ ළඟමයි... ලබ් ඩබ් ලබ් ඩබ්.... මගෙ පපුව ඇතුලෙ එකම යුද්ධයයි... ඒත් මොහොතයි..... ඉන් එහා මට වටපිටාව අමතකයි.... මගෙම පපුව මටම විරුද්ධ යුද්ධෙක වුනත්....නෑ .....මට නිච්චියක් නෑ...... වෙනද...