" තව ටිකක් උඩට නයනා කුසුම්...."
"මේ හරිද චූටි පැටියෝ...."
" නෑ නෑ වදේ තව ටිකක් උඩට...."
මං එහෙම කියද්දි නයනා කුසුම් එයාගෙ අතේ තිබුන පෝන් එක පොඩ්ඩක් උඩට ඉස්සුවා...
" මාව හරියට පේනවාද දැන්...."
"ඔව් චූටි පැටියෝ....මේ යස අගේට පේන්නෙ.....අනෙ අම්මේ මයෙ දෙයියගෙ ලස්සන විතරක්...."
පෝන් එකේ කැමරාවෙන් පේන මගෙ දිහා බලාගෙන ඇත් පරපුරේ මගෙ මැණික් කැටේ මැරෙන්න ගියා... ඒත්...
" හා...හා...කට.... කට....මැණික් කැටේ....
ලස්සන වෙන්න මොකද මම ස්ත්‍රී පරාණයක්ද? කඩවසම්......කඩවසම් ....
දාඹරයා කඩවසම්...."නයනා කුසුම්ගෙ වචන එක්ක දාඹරේ පුතාට නැග්ගා....
ආ බොරුවක්ද?
දෙකේ හතරේ කඩවසම් තරුණයෙක්ට ලස්සනයි කියද්දි නගින්නෙ නැතිද?" එහෙමයි.... එහෙමයි අපේ මහත්තයා...
අපේ මහත්තයා හරී කඩවසම්....."" හුම්ම්....හුම්ම්....කතාව නවත්තලා ඔය වැඩේට හිත දුන්නා නම් මැණික් කැටේ....ඔන්න දාඹරේ පුතා නටනවා...."
ඇලපාත නිවාසෙ ලස්සනම බිත්තිය තිබ්බෙ උඩම තට්ටුවෙ වෙද්දි ඇල්පියාගෙ කාමරේ තිබුනෙත් උඩම තට්ටුවෙ උනා....උඩ තට්ටුවෙ විසාල බිත්තියක් ඉදිරිපිට හිටගෙන ඉදපු මම මගෙ ඉස්සරහා පෝන් එක උස්සන් ඉන්න කුසුම්ට එහෙම කිව්වා....
දාඹරේ පුතා ටික් ටොප් එකක් කරන්න කියලා අනේ.....අළුත් දවසකට ඉර උදා උනේම දාඹරයාගෙ හිත දාඹරයාට ටික් ටොප් එකක් කරපන්මයි කියලා වෙද්දි උදෑසන ආහාරෙටත් මත්තෙන් මම කුසුම්ව අඩගහගෙන ටික් ටොප් නටන්න ලෑස්ති වුනා....
" හරි චූටි පැටියෝ...."
කුසුම් එහෙම කියද්දි ටික් ටොප් නටන්න සැදී පැහැදී ඉදපු මම මගෙ ඇඳුම දිහා බැලුවා...
බබ්බු ඉන්න නිල් පාට ජිජාමා කිට් එක....
ටික් ටොප් නටන්න මේ ඇඳුම හොදද මන්දා....
දාඹරේ පුතා තවම නැගිට්ට හැටියාමයි...
මූණවත් හෝදලා නෙවේ...කොණ්ඩෙ ටිකක් පීරගත්තා එච්චරයි....ඇඳුම් මාරු කලේ නෑ අනේ.....මූණ හෝදලා ඇඳුම් මාරු කර කර උන්නා නම් දාඹරේ පුතාගෙ හිත වෙනස් වෙනවා...එහෙම බෑ මට ටික් ටොප් නටන්න ඕනෙමයි....
YOU ARE READING
ට්‍රයිඩැක්ස්🌼 ( YiZhan )
Romanceකට කොනේ උපන්න හිනාව තවම එහෙමමයි.....ඒ ගැඹුරු පිරිමි ඇස් වල බැල්ම මගෙ ළඟමයි... ලබ් ඩබ් ලබ් ඩබ්.... මගෙ පපුව ඇතුලෙ එකම යුද්ධයයි... ඒත් මොහොතයි..... ඉන් එහා මට වටපිටාව අමතකයි.... මගෙම පපුව මටම විරුද්ධ යුද්ධෙක වුනත්....නෑ .....මට නිච්චියක් නෑ...... වෙනද...