මාසෙකට පසු..........
දහසකුත් මල් විකසිත වන මේ හිමිදිරි උදෑසන ඕස්ටේලියා අහස නිල් පාට වලාකුළුවලින් පිරිලා ඉතිරිලා ගිහින් තිබුනා.....
අහස පැහැදිලි.....
වැස්සක් නම් පේනතෙක් මානෙක නෑ..ලක්වාසීන්ගෙ අහස් ගැබ වගේද සුදු මහත්තරුන්ගෙ අහස් ගැබ.........
සුන්දරයි,පැහැදිලි,සෞම්‍යයි,සුකෝමලයි,
පිවිතුරුයි.......මම උන්නෙ ඕස්ටේලියා හංදියෙන් කිලෝමීටරයක් ඇතුලට වෙන්න තියෙන මෙල්බන් නගරේ බකින්හැම් පැලස් එකත් පදිරි වෙච්ච canal down පැලස් එකේ ඉහළම තට්ටුවෙ, ඒ කියන්නෙ rooftop එකේ බම්ප් වෙන පුටුවක වාඩි වෙලා සුදු මහත්තුරුන්ගෙ ඉංගිරිසි පුවත්පතක් චතුර ලෙස කියවන අතරෙ වෙද්දි පුවත් පතේ එකම අකුරක්වත් මඟ නොහැර කියවපු මට තවත් කියවන්න දෙයක් නැති වුනා..
මං එහෙන්ම පුවත්පත නමලා ස්ටූල් එක උඩට අත ඇරියා.....දේසපාලනේ....දේසපාලනේ....දේසපාලනේ.දේසපාලනේම තමා.......දූපත වගේම තමා ඕස්ටේලියාවත්.....අනේ අම්මපා මට තේරෙන්නෙ නෑ මේ සුදු මහත්තුරුන්ට පිස්සුද කියලා......ආයේම ඉංගිරිසි පුවත්පත් මම කියවන්නෙ නෑ....සුදු මහත්තුරුන්ගෙ කල්කිරීයාව ළඟ මට කලකිරෙනවා...මොකටද අනේ බොරු දේවල් වලට හිත් කලකිරවගන්නෙ....
මං වාඩි වෙලා ඉන්න බම්ප් වෙන පුටුවට එහා පැත්තෙන් තිබුනෙ පෝච්චියක හිටවපු පේර පැලයක් වෙද්දි මම ඒකෙන් පොඩි අතු කෑල්ලක් කඩා ගත්තා...
ලංකාවේ පේර හැදෙන්නෙ කැලවල් වලට වුනාට ඕස්ටේලියාවේ පේර හිටවන්නෙ පෝච්චි වල නැතුවද දියුණු රටවල්නෙ....
දියුණු රටවල් වුනහාම එහෙම නේන්නම්...කඩා ගත්තු අතු කෑල්ලෙ තිබුන පේර කොළ දෙක කඩලා එතනම පෝච්චියට දාපු මම එහෙන්ම පේර කෝට්ට දත් වලින් සුද්ද කලා.....නැගිට්ටත් හරි තවම බැරි වුනා දත් ටික මැද ගන්න......සම්පූර්ණ සුද්ද කරපු පේර කෝට්ටෙන් දත් මදින්න ගත්තු මම මගෙ කකුල් දෙක ස්ටූල් එක උඩට ගත්තා....
"සුමුදු කුමාරට දුරකථන ඇමතුමක් ගත්තොත් නරකද දාඹරයෝ...."
එක අතකින් පේර කෝට්ටෙන් දත් කුට්ටම මැද මැද අනිත් අතින් ඔලුව කස කසා ඉදපු මට එක පාරම සිතිවිල්ලක් ආවා.....
YOU ARE READING
ට්‍රයිඩැක්ස්🌼 ( YiZhan )
Romanceකට කොනේ උපන්න හිනාව තවම එහෙමමයි.....ඒ ගැඹුරු පිරිමි ඇස් වල බැල්ම මගෙ ළඟමයි... ලබ් ඩබ් ලබ් ඩබ්.... මගෙ පපුව ඇතුලෙ එකම යුද්ධයයි... ඒත් මොහොතයි..... ඉන් එහා මට වටපිටාව අමතකයි.... මගෙම පපුව මටම විරුද්ධ යුද්ධෙක වුනත්....නෑ .....මට නිච්චියක් නෑ...... වෙනද...