Chapter 54

21 3 4
                                    

ටෙයියා මාව ඇදගෙන එලියට ඇවිල්ලා මගෙ ඉස්සරහා දණ ගහලා... cutie අපි හෙට බදිමු සුදා කිව්වා...  මන් පිස්සු හැදිලා දගලන උගුඩුවෙක් වගේ... හා සුදු මහත්තයා අපි හෙට බදිමු කිව්වා.. ටෙයියා මගෙ අතින් අල්ලගෙන එන්න මැණික යන් ඔම්මලට කියමු කියලා ගේ ඇතුලට ගිහිල්ලා... ඔම්මා  අපි හෙට බදිනවා කිව්වා.. ඔම්මලට ඒක ඇහිලා අපෙ ඔම්මයි මුගෙ ඔම්මා නොහොත් මගෙ අනාගත නැන්දම්මයි දෙන්නා හුටු හුටු ගගා බනින්න ගත්තා කියහන්කො... මේ හදිස්සියෙ කොහෙ තියන මගුල්ද.. තමුසෙලට පිස්සුද .. හෙට කොහෙ බදින්නද ගගා...

දෙන්නගෙ ශබ්ද තරංග වල අධික තීව්‍රතාව හේතුවෙන් ටෙයියයි මායි විතරක් නෙවෙයි අංකලුයි අපෙ අප්පයි දෙන්නත් බීරි උගුඩුවෝ බවට පරිවර්තනය උනා... මොකද කිව්වෝත් අපි හතර දෙනාගෙම කර්ණපටහා පටලය ලෙප්ට් වෙලා කන හරලා මොළේට සංඥාවක් යවලා අපිව බීරො උනා... ජනාධිපති වෙන්ඩ නේද හිටියෙ කිව්වම වාවන්නෑ  සගෝ...

මහජනයා මට චන්දෙ දෙන එකකුත් නෑ.. කන ඇහෙන්නැති එකෙක් ජනාධිපති කරන්න බෑ කියලා. අහෝ දුකකි ඉරකි තිතකි කතිරෙකි  . ඡන්දෙ දාන්න කතිරෙනෙ ඕනේ නැද්ද මචන්... මගෙ සිහිනෙට තිත තියන්න වෙන්නේ. අහෝ... දෙවියනේ... ඒ ටහිකෙන මගුල් වෙන්නෙ ටෙයියා මට හෙට බදිමු කිව්වානම් නේ...

ඒකා කිව්ව බහුබූතයක් නෑ බන්. ඔව්වා ඔක්කොම මගෙ චිත්ත රූප පමනයි.. කෙල්ල ගැම්මක් නේ... මූ මළාට ඉක්මනට බදිමු කියන්නෑ මේකා කුණා.. මගුලට වියදම් සැර වෙයි කියලා හඳපානෙම පැනලා යන්ද අහයිද දන්නෑ. තෝයි මායි තනි කකුලෙන්ද බොල පැන පැන යන්නේ..  මෙහෙම ගියොත් මට ගස් තමා බදින්න වෙන්නේ... පගයා...


🐯:- cutie

🌼:- කන් ඇහෙනවා හෙමීට කියහන්

🐯:- බෑනෙ කරන්න පොඩ්ඩක් සීරියස් වෙනවකො.

🌼:-  හරි සීරියස් උනා සීරියස් බ්ලැක්ද.. ඌ හිටියේ හැරි පොටර් එකේනේ .. මන් කොහොමද ඌ වෙන්නෙ. බෑනේ ටෙයියෝ

🐯:- cutie ... දෙකක් දෙනවා මන් දැන් ඈ ඇත්තමයි . ඔය කට නම් මොකක්ද මන්දා

🌼:- කටක් නෙවෙයි වක්කඩයක් .. හරිද දැන්.. ඇයි මන් සීරියස් වෙන්න ඕන

𝐇𝐄𝐘 𝐜𝐮𝐭𝐢𝐞...... Where stories live. Discover now