සඳඳෙව්ගේ නිසඳැස් පොතෙන් ,°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
46 වෙනි නිසඳැස් නිදහස
සිනිඳු සුකුමල රතැඟිලි සුවයටත්
වැඩියෙන්
රළු දෙඅත්වල රැඳුණු පහසක
ස්පර්ශයක් ,
රැකවරණයක්,
හොයන මටපිරිමි දෑතක් ඕනෙමයි !
නිවි නිවී ආයෙමත් ඇවිලෙන
හැඟුම් දහසක සැනසීම
වෙනුවෙන් ,ගිනිගත් දෑසින් මැවුණු මරණීය
ප්‍රේමයක
මටම වෙන්වූ උණුහුමක
ඉඩක් වෙනුවෙන් ,පිරිමි පපුවක් ඕනෙමයි !
ඇට්ටේරියා සුවඳටත් වැඩියෙන්
පුන පුනා හිත නොඉවසිල්ලෙන්
හදේ ගැඹුරින් විඳින්නට,
වෙහෙස වූ ගතකින් දැනෙන ඒපිරිමි සුවඳක් ඕනෙමයි !
සඳදෙව් ආශිංසන ✍️°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
ඔව් ! ඒ සඳදෙව් සැහැල්ලුම වචන වලින් ඔහු ඔහුම වුණු තැන දැනුණු හැඟීම් හිතේ සිරගත කළ රැදවියෙක් ලෙස තබාගනු නොහැකි කළ නිසඳැස් පොතක ඒ හැඟීම් අවංකව ම අකුරු කර තිබූ අයුරුය .
ඉතින් අනෙක් පාර්ශ්වයෙන් නැඟුණු උත්තරය දැනටමත් දන්නා ප්‍රශ්නයට උත්තරේ තහවුරු නොකර සඳදෙව් බෑග් එකත් අරන් ඉස්කෝලෙන් එළියට දුවන්නට විය.
" මල්ලී...මේ ටිකක් ඉන්න...ඔයා.."
ඉතින් විහස්ගේ කටහඬ දෝංකාරයක් මෙන් පමණක් මනසේ නැඟුණු සඳදෙව් නැවත තිබූ පියවර ආපසු නොගෙන දුවගෙනම පාසලෙන් ඉවතට ආවා . සිහියත් අසිහියත් අතර දෝලනය වූ සඳදෙව් කෙසේ හෝ පාරෙන් මාරු වී බසයටත් නැඟ ගත්තේ ය .
ගෙදර ආපු ගමන් ම කාමරය වෙත දිව ගිය සඳදෙව් ඒ කම්පනය කඳුළු වලින් පිට කරේ මින් ඉදිරියට කුමක් සිඳුවේ නොදැන තමා ඉදිරියේ ඇති අවිනිශ්චිතාර්ථයේ ගිලෙමින් ය.
ඉතින් කාමරයට ආපු ගමන් බිම පතිත වුණු බෑග් එක පැත්තක තියෙද්දී පැය බාගයක් විතර කොට්ටෙට මූණ තද කරන් ඒ කොට්ටෙ කඳුළු වලින් පුරවපු සඳදෙව් ට තවත් එහෙම ඉන්න අවස්ථාවක් නොවීය
BẠN ĐANG ĐỌC
මගේ ඇට්ටේරියා මල ❤️ [ BL ]
Phi Hư Cấu*මේ කතාව මනඃකල්පිත වේද නොවේද ඔබගේ ම තීරණය වේ. කෙසේ හෝ මා ලොව දුටු මුරණ්ඩු ම මල ඇට්ටේරියා නම් මේ එහි ආත්මීය උරුමකරුගේ පුරාවෘත්තයයි.