ඒ ඔක්තෝම්බර් 6 වෙනිදා ගුරු දිනයේ විශේෂිත උත්සවයේ 7 වෙනි අංගයයි . මුළු ඉස්කෝලෙ ම වේදිකාව දිහාට ඇස් යොමාගෙන හිටියා .
පුටුවක වාඩිවෙලා ගිටාර් එක අතක රඳවන් හිටපු ස්වර්ග එක පැත්තක , තවත් පැත්තක ඒ ආසන්නයේ සඳදෙව් තවත් පුටුවක . ඉතින් චකිතයක් දැනුණත් මේ වේදිකාව නුහුරු නෑ . ඔව් මේ වේදිකාවත් පුදුම මතක වලින් පිරිණු තැනක්. ඒක සඳදෙව්ට වගේම ස්වර්ගටත් පොදු කාරණාවක් .ඉතින් බලන් හිටිය මොහොත ආවා .
ඉතින් ආරම්භයට මොහොතකට කලින් ස්වර්ග කට කොනෙන් පුංචි හිනාවකින් සඳදෙව්ට සංඥා කළා .
ඉතින් මේක මධ්‍ය විද්‍යාලයක් . 5 වසරෙන් පස්සෙ මෙහෙ ඇවිත් 6 ඉදන් අද වෙනකන් වේවැල් පාරවල් දඬුවම් මැද්දේ වුණත් ගුරුවරු එක්ක ගෙවුණු ඒ අතීතය සුන්දරයි . ඒ ගුරුවරු වෙනුවෙන් හදවතින්ම කරන ස්තූතිය සඳදෙව්ගේ ස්වරය තුළටත් ස්වර්ගගේ තත් වලින් මැවුණු ස්වර වලටත් එකතු වෙලා . ඒක ඇත්තටම භාවනාවක් වුණා කිව්වොත් වැරදි නෑ .
" නිදාසිටි පැන්සලට පණදී
අකුරු හැඩ කළ දෑත නුඹ විය
ඔහේ විසිකළ අකුරු කැටි කොට
කවිය නිමකළ ඇදුරු නුඹ විය....................................................."ඉතින් හැමෝගෙම හිත් ඇද ගත්ත ඒ ගායනාව අවසාන වුණත් එක්කම ස්වර්ගයි සඳදෙව්යි වේදිකාවෙන් බහිද්දී නිවේදිකාව ,
" ඔව් අමන්දානනීය ස්වර එක්කොට ගුරු උපහාරයට වේදිකාවට එක් වූ සංගීත අංශයේ වාදන ශිල්පී ස්වර්ග ඉල්සාර සහ ශිෂ්‍ය නායක මණ්ඩලේ සාමාජික සඳදෙව් ආශිංසන යන අපේ සහෝදරයින්ට ස්තූති වන්ත වෙන ගමන් ඊළඟ අංගය වෙත අපේ ගුරු තරු එක්කරගෙන යන්නයි මේ සූදානම ................."
ඇත්තටම මේ දවස අවුරුද්දේ හිතට කා වදින දවසක් . පුංචි ඇන්තූරියම් පොකුරක් ගුරුවරුන්ගෙ අතේ තියලා බුලත් හුරුල්ලක් දීල වදින්න ලැබෙන ඒ දවස ඇත්තටම හිතට අමුතු සතුටක් ළමයින්ට ගේනවා .
ඉතින් කොහොමහරි තවත් ආදරණීය මතක එකතු වුණු දවසක් එහෙම ටිකෙන් ටික ගෙවෙමින් පාසල නිම වුණා . හැබැයි අද සඳදෙව්ට ප්‍රැක්ටිස් ඉන්න වෙන දවසක් නිසා සඳදෙව් පූල් එක පැත්තට ගියා . අද කෝච් එන්නත් පරක්කු වෙන නිසා පොඩි ළමයින්ව ප්‍රැක්ටිස් කරවන්න සඳදෙව්ට භාර වෙලා තිබුණා .
BẠN ĐANG ĐỌC
මගේ ඇට්ටේරියා මල ❤️ [ BL ]
Phi Hư Cấu*මේ කතාව මනඃකල්පිත වේද නොවේද ඔබගේ ම තීරණය වේ. කෙසේ හෝ මා ලොව දුටු මුරණ්ඩු ම මල ඇට්ටේරියා නම් මේ එහි ආත්මීය උරුමකරුගේ පුරාවෘත්තයයි.