Part 12 (මගේ ඇට්ටේරියා මල )

108 4 1
                                    

" කියපං මොකක්ද වෙලා තියෙන්නෙ සින්දු කිය කියා නටන්නද ? " සඳදෙව් අදිස් කියපු දේ නිසා හිත කලබලෙන් . 

" මේකයි සඳදෙව්...මේ...ඔයා song එක කියද්දී Guitar එක විතරක් play කරාම ඇති කිව්වා . "

" ඉතින් ඕක නරක ආරංචියක් ද ? "

" ගිටාර් play කරන්න අපේ උන් තෝරගත්තෙ ස්වර්ගව " කියල අදිස් කිව්වා විතරයි .

" මොකක් ! අර ඇටිකුකුළා එක්ක මම සින්දු කියන්න . මුළු ඉස්කෝලෙ ම ගුරුවරු ඉස්සරහ ඕකගෙ ඔලුවෙ මම උගෙ රවිකිඤ්ඤාව ගහනවා බලන්න ද දැන් අපේ හු&ත්තලට ඕන වෙලා තියෙන්නෙ ." 

" හරි සඳදෙව් දැන් වෙච්ච දේ වෙලා ඉවරනේ. Song එකක් කියන්න විතරයි නේ. "

" මෙහෙම කරමු උඹට පුළුවන් නේ ගිටාර් එක ගහන්න . පුළුවන් නේද ? නැත්තම් අරූ එක්ක උඹ සින්දු කියපං . හාද ? "

" අනේ මේ එහෙම හැමිනෙන්න බෑ . ඔය කලාව මම කරන්න ගියොත් කලා ඉස්සරහට හු එනවා . මගෙ උච්ච ස්වර දරාගන්න බැරුව ටීචර්ල සාරි උස්සන් දුවයි යකෝ. "

" මොනා හරි හිතපන්කෝ . මට බෑ අර ඇටිකුකුළා එක්ක ස්ටේජ් නගින්න . "

" ඒක මට අදාළ නෑ . උඹම විසඳා ගනින් ."

කියල අදිස් ඔලුව කහ කහා එතනින් ගියා .

සඳදෙව් මේකෙන් බොරුවක් කියල හරි ගැළවෙන්න ඕන කියල ශිෂ්‍ය නායක මණ්ඩලේ ලේකම් විදියට හිටපු විද්‍යා අංශෙ නර්මදා මිස් ළඟට ගිහිල්ලා සෙම හින්දා සින්දු කියන්න අමාරුයි මිස් වෙන කෙනෙක් ව දාන්න බැරිද කියල ඇහුවම ,

" සඳදෙව් මට නම් එහෙම සෙම පාටක් පේන්නෙ නෑ . බෑ කියල හරියන්නෙ නෑ . අනික ගුරු දිනෙත් වැඩ කරන්න ඕන අපිද ? ශිෂ්‍ය නායකයො වැඩ වලින් පැනලා ගියාම අනිත් ළමයි ගැන මොනා කියන්න ද ? " 

ඉතින් ඔය දේශනේ ඇහුවා විතරයි ස්වර්ග එක්ක සින්දු කියන්න ම වෙලා තියෙන බව සඳදෙව්ට තේරුණා . ඉතින් ඊළඟට සඳදෙව් ගියේ දැන් හම්බ වෙන්න වෙන පුද්ගලයා ගාවට ,

" Excuse me . මට ස්වර්ගව පොඩ්ඩක් හම්බ වෙන්න පුළුවන් ද ? " කියල සඳදෙව් ඇහුවා .

" මොකද බැරි පුළුවන් , මේ මම ඉන්නෙ . මොකක්ද වෙන්න ඕන දැන් ශිෂ්‍ය නායක තුමාට "

 මගේ ඇට්ටේරියා මල ❤️ [ BL ]Où les histoires vivent. Découvrez maintenant