Part 11 (මගේ ඇට්ටේරියා මල )

142 11 9
                                    

හරියට ම ඔක්තෝම්බර් 01. 

අද ඉතින් ලොකුවට ඩියුටි යන්න ඕන නැති නිසා සඳදෙව් පන්තියට ඇවිල්ලා පන්තියෙ උන් එක්ක විද්‍යා දිනේ ගැන සීරියස් කතාවක වැටිලා හිටියා . ඒත් ඒ ඔක්කොම සීරියස් කතා නැති වුණා තත්පරෙන්,

" මේ සීත උදේ...... මල් වාගේ.... 
   හරි හුරතල් 
  ඒ....මල් සුවඳේ..... මිහිර අරන් 
 ඔබෙ ඔසුල පැංචා ආවා දැන් 

ඔන්න ඉතින් ඔයාලගෙ පුංචි වීරයා ඒ කිව්වෙ මේ මම ආවා . ඕ යෙහ් ! " කියල ඔසුල පන්තියට ආවා . 

" අප්පටසිරි මෙන්න මූට ඉස්කෝලෙ මතක් වෙලා . මොකද දන්නෑ මේ පැත්ත මතක් වුණේ ? " කියල පන්තියෙ හිටපු අශේන් ඔසුලගෙන් කින්ඩියට වගේ ඇහුවා . 

" අපි නෑවිත් කොහොමද ? අද පුංචි අපේ දවසනෙ . " කියල ඔසුල බෑග් එක තියල ඇඟ නටවල කිව්වා .

" Excuse me . මට මොනාහරි වැරදියට ඇහුණ ද ? පවුල් දෙක තුන run කරන එවුන් කියනවා පුංචි අපේ ළමාදිනේලු . " 

කියල සඳදෙව් අනිත් කොල්ලොත් එක්ක එකතු වෙලා ඔසුලයව ම මැඩෙව්වා . ඇත්තටම කිව්වොත් ඔසුල පන්තියෙ යාලුවෙක් වුණත් ඔසුල ස්වර්ගගෙ හොඳම යාලුවා කියල දැන ගත්ත දවසෙ ඉදන් සඳදෙව් ඔසුල දිහා බලන්නෙත් වපරෙන්මයි. 

" මේ... මේ... කොල්ලොන්ට කැරි වැඩ කරන්න එපා. තොපි කියන කතා හින්ද තමයි මට කෑල්ලක් දා ගන්නත් නැත්තෙ . "  

" ආ ඔසුල...දැන්  උඹට ඕන කෑල්ලක් ද ? ආරංචියෙ හැටියට අද 9 වසරෙ කෑලි ටිකක් ලු මුලින්ම වරම අතින් අරන් නටන්නෙ . කොහොමද මූ එතනින් කෑල්ලක් සෙට් කරගෙන ඒකි මුට ඔසූ..මගෙ පැටියෝ ගාද්දි " කියල සඳදෙව් හිනාවෙවී කිව්වා . 

" ඉදකින් මම ආවෙ උන්ගෙ නැටුම් බලන්න නෙවෙයි . අද මිස්ල නටනවා නේ. අපේ ඉංග්‍රීසි මිස් නටන්නෙ නැද්ද බං ? " කියල ඔසුල අහද්දි ,

" ඇත්තටම මූව හදන්න බෑ . නැට්ටෙ ඉදන් ගොම මුගෙ . " කියල තමයි ඒකට සඳදෙව් දුන්නු උත්තරේ . 

ඒක කියල සඳදෙව් එතනින් යද්දී ඔසුල ගිහිල්ලා 

" ඒ කොහෙද බං යන්නෙ . ඉදපංකො " කියල ගිහිල්ලා සඳදෙව්ගේ කරෙන් අතක් දාල පස්සට පාරක් ගැහුවා

 මගේ ඇට්ටේරියා මල ❤️ [ BL ]Tempat cerita menjadi hidup. Temukan sekarang