සෙනසුරාදා උදේම සඳදෙව් කොළඹ 06 පාරෙන් වව්නියා කොළඹ යන බස් එකට අලව්වෙන් නැග්ගෙ වව්නියා යන්න නම් නෙවෙයි කුරුණෑගල පන්තියට යන්න හිතාගෙනයි . නමුත් ඔය බස් එකේ නින්ද යන හැටියට යාලුවා නැත්තම් කවදහරි සඳදෙව්ට බහින්න වෙන්නෙ වව්නියාවෙන් තමයි .
ඉතින් පොල්ගහවෙලෙන් යාලුවා හැමදාම පුරුදු විදියට බස් එකට නැග්ගා . බස් එකට අලව්වෙන් නැඟපු වෙලේ ඉදන් message දදා සඳදෙව් අදිස්ට එන්නෙ මොන බස් එකේද කියල අගේට විස්තරේ යවනවා .
දෙන්න බස් එකෙන් බැහැල වලව්වක්, නුග ගහක්, මාර ගස් ටිකක් , තාම විවෘත නොවුණු නාගරික උද්‍යානයක් යන්නෙන් ගැවසුණු නාගරික කුරුණෑගල හිත නිවෙන පාරකින් ගිහින් රජපිල්ල මාවතේ තිබුණු ප්‍රසිද්ධ ටියුෂන් ආයතනයකට ආවා.
කොහොමහරි අදිස්ට නම් උදේ තියෙන්නෙ Maths සඳදෙව්ට Bio . හැබැයි හවස Chemistry පන්තියෙදි ආයෙත් දෙන්නා මුණගැහෙනවා . කොහොමත් ඉතින් සඳදෙව් ඉන්න තැනක අදිස්ව හොයාගන්න පුළුවන් අදිස්ව ඉන්න තැනක සඳදෙව් හොයාගන්න පුළුවන් . ඒක මොන විදියේ මූලධර්මයක සම්බන්ධයක් ද කියන්න කාටවත් තේරෙන්නෙ නෑ .
ඉතින් උදේ ගෙවිලා දවල් දොළහ වෙද්දී උදේ පන්‍ති ඉවර වෙලා පැයක කාලයක් ඉතුරුයි අනිත් පන්තිය පටන් ගන්න . ඉතින් සඳදෙව් අදිස් එක්ක බත් එකත් කාලා කැන්ටිමට ආවෙ නෙස්කැෆේ එකක් බීලා යන්න .
හැබැයි ඉතින් කැන්ටිමේ Coca Cola බෝතලයක් කටේ ගහන් හිටපු ස්වර්ග දැක්ක ගමන් සඳදෙව්ගෙ බොරු කේන්ති මූඩ් ඔන් වුණා .
" මොන රෙද්දක් ද අර ඇටිකුකුළා මෙතන ." කියල සඳදෙව් මුමුණද්දී,
" මොකක් ඇටිකුකුළා ! ඒ කවුද ? "
" අර මම ස්වර්ගෙට යවන්න ඉන්න එකා . "
" ආ...ස්වර්ග "
" ඇත්තටම මේ ඇටිකුකුළා මොකද මෙතන කරන්නේ ? "
" සඳේ, මේ ඌ ඇවිත් ඉන්නෙ Chemistry class එකට . ඌත් කරන්නෙ මැත . ඉතින් ඌත් පන්ති එනවා . උඹ පස්සෙන් කරදර කරන්න එනවා වගේනෙ උඹ හැසිරෙන්නෙ .තොට අන්දකයිප්පුව ද ? " කියල අදිස් සඳදෙව්ගෙන් අහද්දි ,
" අන්දකයිප්පුව මට නෙවෙයි chemistry class එද්දිත් සෝබනේට ගිටාර් උස්සන් එන අර රවිකිඤ්ඤා කාරයට . " කියල නෝන්ඩි හිනාවක් එක්ක සඳදෙව් කිව්වා .
BẠN ĐANG ĐỌC
මගේ ඇට්ටේරියා මල ❤️ [ BL ]
Phi Hư Cấu*මේ කතාව මනඃකල්පිත වේද නොවේද ඔබගේ ම තීරණය වේ. කෙසේ හෝ මා ලොව දුටු මුරණ්ඩු ම මල ඇට්ටේරියා නම් මේ එහි ආත්මීය උරුමකරුගේ පුරාවෘත්තයයි.