Part 1 (මගේ ඇට්ටේරියා මල)

885 27 10
                                    


රාත්‍රියේ ඒ මල් සියල්ලන්ට හොරෙන් තම දිදුලන වත දිග හරින්නට විය . එලෙස රාත්‍රියේ මනරම් රැඟුම් පෑ ඇට්ටේරියා මල් පෙති හිමිදිරියේ පොළොව සිප ගත්තේ තම සුවඳ වාතයේ ශේෂ කරමින් ය.

ලොව ඇති මුරණ්ඩු ම මල් පොළොව සිපගෙන තිබූ මනරම් උදෑසන, ඒ මුරණ්ඩු ම මල් වලට අයිතිවාසිකමක් තියෙන පළාතක, ලස්සන පුංචි ගෙදරක මිදුලත් ඇට්ටේරියා මල් පෙති තම ග්‍රහණයට ගෙන අවසන් ය.

හිරු රැස් පොළොවේ රටා මවන්නත් තවම නොසිතා ඇත. ඉතින් තවමත් අන්ධකාරය රජ තැනේ වෙයි . ඒත් ,

ලන්තෑරුම් එළියක් අස්සෙ ඇට්ටේරියා ගස් පේළියක් ළඟ බංකුව උඩ කකුල් දෙක මූණට තද කරගෙන පොතක් තුරුලේ හංගන් පිරිමි හදවතක් රිද්මයකට ගැහෙයි .

මොහොතකට දෙපා අතර සඟවා සිටි මුව අහසට යොමු කරන ඔහු අහස දෙස බොහෝ වෙලාවක් බලා හිඳ එකවරම අහසෙන් අවැසි සංදේශය ලැබුණාක් මෙන් ලන්තෑරුම් එළියෙන් මොනවදෝ තුරුලේ සැඟවුණු පොත ගෙන අකුරු වලින් කුරුටු ගායි .

ඔහු කාටත් කලින් අවදි වූවෙකු යැයි කීමට නොහැකි ය. මන්ද අවදි වීමට නම් නිදා ගත යුතුයි . නමුත් ඔහුගේ මේ අමුතු නිදිවැරීම අවුරුද්දට උපරිම දෙතුන් පාරක් සිඳුවන නමුත් ඔහුට මඟ නොහැරෙන නිදිවැරීමක් .

ඔව් ! ඒ ඇට්ටේරියා මලුත් පුරහඳත් එකට රැඟුම් පාන කලාතුරකින් එන රාත්‍රියක නොවැරදෙන නිදිවැරීමක්.

එකපාරට ම,

"සඳදෙව් දරුවෝ මොකක්ද ඔය නටන විගඩම ? "

"ඉතින් අම්මේ උදෙන්ම ඇහැරෙන එක විගඩමක් ද ?"

" උඹට මට බොරු කියන්න බෑ පොඩී . ඇහැරෙන්න උඹ නිදාගත්ත ද? මොකක්ද උඹට එකපාරට හැදෙන පිස්සුව. ඔහොම ගිහින් ලෙඩක් හදාගෙන පුළුවන් මේ නාකි මාවත් ඉස්පිරිතාල ගානෙ ගාටන තැනට වැඩ කරපන් . "

ඉතින් ඒ සඳදෙව් ආශිංසන නම් ගෙදර පොඩි එකා උදේ පාන්දරම තමාගේ සුනේත්‍රා නම් මෑණියන්ගේ නේත්‍රා වලට කොටු වී ලබා ගත් ඒ ප්‍රණීත දේශනයයි .

" එහෙම ලෙඩ වෙන්න කලින් එහෙනම් උදේට කොත්තමල්ලි තැම්බුවනම් හරි . ඕවට තරහ අරන් නැත්තම් ඉතින් අපේ ගෙදර රැජිණ ඉක්මනින් නාකි වෙයි නම් තමයි . "

 මගේ ඇට්ටේරියා මල ❤️ [ BL ]Donde viven las historias. Descúbrelo ahora