වර්තමානයට,
විද්‍යා අංශෙ එකම ඝෝෂාවක් . ඔව් ! එච්චරම සාමකාමී සයන්ස් එක එහෙම කැළඹුණේ වාර්ෂිකව හැම අංශයක ම වගේ තියන පොළ විද්‍යා අංශයට තිබුණු දවස අද නිසයි .
" ලාභයි...පෑන් කේක් එකක් 50යි .මල්ලී මේ එන්න .ගන්න "
" ඒ අදිස් පොඩ්ඩක් උදවු කරනවකො මේක විකුණන්න . "
" අනේ තොපේ ඔය පොල් ඔතපු රොටී ගන්න කාටවත් පිස්සු නෑ . අනික තොපි ඔය බැජ් එක ගහන් පොඩි උන්ට හවසට පෝළිම් හදනවා කියල දෙන වදේට ආවොත් පුදුම . අනික උඹල අපායට ගහපු කැලැන්ඩර් ටිකක් කොට ඕව ගන්න තියා උඹල දිහා හැරිල බලනවද එකෙක්. "
එහෙම කියාගෙන තමාගෙ ම සෙක්ෂන් එකේ කෙල්ලොන්ට විහිළු කරන් අදිස් එතනින් දිව්වෙ හිටියනම් එතන හිටපු මහත එකීගෙන් ගුටි කන්න වෙන නිසයි .
එහෙම ඉතින් අදිස් දුවගෙන ගියෙ හොඳම යාලුවා ගාවට තමයි . සඳදෙව්යි අදිසුයි උසස්පෙළ එකම පන්තිවල නෙවෙයි හිටියෙ . සඳදෙව් කරේ බයෝ හැබැයි අදිස් කරේ මැත්ස් . දෙනම සයන්ස් සෙක්ෂන් එකේ උනාට හිටියෙ පන්ති දෙකක . හැබැයි ඕවට මේ අවුරුදු ගාණක යාලුකම නැතිවෙනවද ?
" ඒ සඳදෙව් ? කොහොමද බිස්නස් ? "
" නෙදකින් තෝ මොකද ඒක අමුතු විදියට ඇහුවෙ ? මම මෙතන නිකන් වෙන මොකක් හරි කරනව වගේ . "
" ආ..හා..මේ මට රෝල්ස් එකක් දීපංකො. "
"ආ..රුපියල් අසූවයි. "
"මූ යකෝ යාලුවන්ට දැන් එහෙමද අරින්නෙ ආ ආ ?"
" උඹ උදේ ඉදන් එහාට කැරකෙනවා මෙහාට කැරකෙනවා විකුණපු දේකුත් නෑ. කරපු උදව්වකුත් නෑ . මොකාද එකා වගේ ගිල ගිල ඉන්නව . "
" එහෙම තමයි ඉතින් මෙතන වැඩ අධීක්ෂණය කරල කෑම වල තත්ව පරීක්ෂණ කරන්න ඕන කියල මම හිතුවෙ . දැන් ඔය රෝල්ස් එක මෙහෙ දීපන් . "
" අනේ උඹට කියන කට මම ගලක උලා ගන්නම් . "කියල සඳදෙව් කියද්දී ,
" ආ ඒක උඹේ අම්මා උඹටනේ කියන්නේ . දවසක් මටත් ඇහුණා . " අදිස් එහෙම කියාගෙන රෝල්ස් එකත් කකා විරිත්තල යන්න ගියා .
ඒත් ඉතින් යන්න හම්බ වුණේ නෑ.
" ඒ අදිස්...පොඩ්ඩක් ආයෙ එනවකො . " කියල සඳදෙව් කෑ ගැහුවා .
ŞİMDİ OKUDUĞUN
මගේ ඇට්ටේරියා මල ❤️ [ BL ]
Kurgu Olmayan*මේ කතාව මනඃකල්පිත වේද නොවේද ඔබගේ ම තීරණය වේ. කෙසේ හෝ මා ලොව දුටු මුරණ්ඩු ම මල ඇට්ටේරියා නම් මේ එහි ආත්මීය උරුමකරුගේ පුරාවෘත්තයයි.