"හිරට තදට කොටට යටට ඇදලා කොහෙද යන්නෙ "
"පද්ද පද්ද පස්ස පස්ස පස්ස"
"වැනුවා "
"පස්ස"
"ප.. ප.. ප.. පස්ස"
"හැරුනා"
"සූ සූ ඒ බැල්ම අම්මෝ ඒයි මාව පිච්චනෙවා වගේ"
"මට වැදුනාාාා උබේ ඇස් ගැස් තොල්"
"මට ඇඩුනා කොල්ලො මාව උනා loss"
"ආයේ...ආයේ.. ආයේ "
මම හැරුනා මෙච්චර වෙලා අර පගයන්ගෙ සද්දෙ අහන් තනකොල ගලව ගලව හිටපු මම හැරුනා. ගලව ගලව හිටපු තනකොළ ටිකත් අතේ ගුලි කරන්.
ඔය ඉස්කෝල වල ඉන්නවා නේද ශිෂ්‍ය නායකයො කියලා පගයො ටිකක් ඒ අතරිනුත් ඉන්නවා නේද HP කියලා මහ පගෙක්. ඕකුන් තමයි ඉස්කෝලෙක ඉන්න නසරානියො අනිත් උන් එක්ක බලද්දි. දැන් ඔය කෝකිල හඩින් ගී වයන්නෙ අපේ ඉස්කෝලෙ මහ පගයයි උගෙ හෙන්චයියො ටිකයි.
" සුද්දා බීට් එක වෙනස් කරපාාන් "
"ටියුන් කරලා ගනින් ශානා"
" ඕ නාලා ඈ සුවද සබන් ගාලා කොට කොන්ඩෙ ගසා දාලා බිම පැදුර දිගේ ලා...ලා...ලා"
" අතගාලා මගේ ලයට හේතු දාලා හෙන හුරතලයක් පාලා මගෙ නිලමෙ කියා ලා..ලා..ලා"
මං බලාගෙනම ඉද්දි අර මී හරක් ටික ආයේ තප්පුලන්න ගත්තා. ඒ විතරක් නම් මැදැයි මුන් සිංදුව වෙනස් කරලත් එක්ක බේසික පුතාලා ටික.
"මං අපේ ගමේ හේනක් කොටන සියාතු ගොයියා
මං අලුත ගෙනා එකා නිතර කියන්නෙ දෙයියා
මගේ පැලේ පහන නිවාපු රෑ ගිරා කොබෙයියා
මුගෙ ලැමේ ගෙවී යාවී උදේ වේ මං ගොයියා"එතන හිටපු මහ මී හරකා ඩෙස් එකෙන් පැනලා මං ඉන්න පැත්තට ආවා මූ ගොඩ සුද්දා මුට හරියට සිංහලත් බෑ ඉංග්‍රිසිත් බෑ එන ගමන් අර සිංදුවෙ ඉතුරු ටිකත් කියාගෙන මහ පැනි හිනාවක් දාන් ආවේ. ඒක කට කොනේ මහ පැනි හිනාවක් eww eww මහ පගයා තෝ වරෙන්කො වරෙන්. කනවා යකෝ මරාගෙන කනවා මං උබව.
මුගෙයි මගෙයි මේ තරහා තියෙනවා නේද මේක අද ඊයෙක වෙච්ච දෙයක් නෙමෙයි මූයි මායි තරහා එක වසරෙ ඉදන්මයි. මගේ හිච්චි කාලේ කෙල්ල සදමාලී මූ ඒකිව දාගත්තා. එතකොට මේ පගා 2 ක වසරේ හයියෝ සදමාලී!!!!!.........
කෙල්ල කිව්වට කෙල්ලමත් නෙවෙයි මාත් එක්ක එකට ආරීච්චි බෝරීච්චි නටපු එකී. දාගත්තා කිව්වටම මූ දාගත්තෙ නැ මූ ඒකිගෙන් උම්මියක් ගත්තා. මගේනෙ හුම්.
YOU ARE READING
සීදේවී...
Non-Fiction"විද්වාන්" "ඕයි " "ගොඩ සුද්දෝ " " ඇහැල වලව්වේ පොඩි බේබී" "පොඩි නිලමේ " "හැලයෝ!!!!!!!!!!!" "මං... මං ... තමුසෙට ආදරෙයි " "උම්ම්ම්මා "