මං හිතන්නෙ ඊයෙ ඉස්කෝලේ ඇරිලා ආවා ව්තරයි මට මතක. ඊට පස්සෙ ගංජා ගහලා වගේ මම නිදා ගත්තා. ඇයි ඒක ඌ ගාව තියෙන්නෙ එහෙම වෙන්න බෑ යකෝ බෑ
+පොර ඒක දැක්කත් දන්නෑ (උඩ හිත)
-නෑ දකින්න නැතුව ඇති (යටි හිත)
+හැබැයි බැරි වෙලාවත් බැරි වෙලාවත් දැක්කොත් මොකද කරන්නෙ
-නෑ දකින්න විදිහක් නෑ අරකෙ password දන් නෑනේ
+ඒ උනාට home screen එකේ password එක උබ පිනාට දුන්නනෙ
-ඒ උනාට අරකෙ එක දුන්නෙ නෑනේ
"ඒක වෙන්න දෙන්න බෑ !!!!!! "
"යොහ් මොකද මල්ලි බෙරිහන් දෙන්නෙ නිදාගනින්කො අනිත් මිනිස්සුන්ට වාතයක් නොවී "
උඹ කටවහපන්කො අක්කේ. මම මේ පිස්සු හැදිලා ඉන්නවා උඹ මගුලක් කියනවා.හනේ!!!!!!!
ඒක පොර දැක්කත් නොදැනුවත් කමට වෙච්ච සුලූලූලූලූ වරදක් කියලා අපිට සමාව ගන්න බැරි වෙයිද් දන්නෑ?මෙච්චර වෙලා හිතත් එක්ක දරැනු වාදයක් කර කර හිටපු මං ආයේ බෙඩ් සීට් එක ඔලුවට උඩින් දා ගත්තා. ඇදේ එහාට පෙරලුනා මෙහාට පෙරලුනා.ආයේ ඇදේ ඉදගත්තා. ආයේ මෙට්ටෙට පෙරලුනා.කකුල් ගැසුවා.මෙච්චර වෙලා හම්පඩ මෙට්ටෙ උඩට වෙලා 18 සන්නිය නටපු මම නැගිට්ටා. දැන් වෙලාව 12ත් පහු වෙලා ඇති. මං ඇද උඩ බැලුවා නිඛිල පයියා පේන්නවත් නෑ.
"හාාාාාාව්!!!"
"ආපෝ බලපන් තොගෙ කටේ හැටි බෙංගාල බොක්කටත් වඩා ලොකුයි දවසම මූසලයි "
"ඔයැයි සීනී කුරැල්ලෙක් කනවැයි "
පත ඈනුමක් ඇර ඇර කාමරෙන් එලියට ආපු මම අක්කා කියපු කතාවට රැව්වා.එහෙන් නිඛිල පයියා අහනවා සීනි කුරැල්ලො කනවද කියලා. උගෙත් දන්නෑ
"අනේ උඹ කට වහපන් අක්කේ මග මරැවා "
"ඈ බොල උඹ මටද මග මරැවා කිව්වෙ "
"තොප්පිය සෙට් නම් දා ගනින් "
"අනේ උඹ බහුකාපං "
" මෙන්න අම්මේ.....බ්ව්... බුප්.. යැප්"
"ඉදා කාපන් සීනි කුරැල්ලෝ "
YOU ARE READING
සීදේවී...
Kurgu Olmayan"විද්වාන්" "ඕයි " "ගොඩ සුද්දෝ " " ඇහැල වලව්වේ පොඩි බේබී" "පොඩි නිලමේ " "හැලයෝ!!!!!!!!!!!" "මං... මං ... තමුසෙට ආදරෙයි " "උම්ම්ම්මා "