මට ඇහුනා වැරදියි නේද ඇ නි...නිඛිල..ද වෙ..වෙන්න බෑ.මං හිතන්නෙ මං මේ දකින්නෙ හීනයක්. හෙන ගැහුවා වගේ මං බලාගෙන ඉද්දි මං දැක්කා අපේ පොඩි මැනිකා කොට කොට හිටපු ගඩොල් බාගෙත් ඒකිගෙ අතින් අතෑහැරලා මං දිහා බැලුවා. මං බලාගෙන ඉද්දිම ඒකිගේ මූණෙ තිබ්බ ලේ ටිකත් හිදිලම ගියා. සාදාරණයි සාදාරණයි !! හැබැයි මහ නිලමේ තමුන් අපිට කරපු හෙන අසාදාරණයි.
ගාර්ෆීල්ඩ් කාටුන් එකේ ඕඩියි ගාර්ෆිලුයි අර නිවුන්නු දෙන්නා ආපුවාම හැංගෙන්නෙ අන්න ඒ වගේ තමයි මමයි අපෙ පොඩි මැනිකයි.මේ නිඛිල පයියා ආපුවම හැංගෙන්නෙ.
"හාාානේ!!! අපෙ නිලමෙ මාමණ්ඩි නොවැ මේ ඉන්නෙ කෝ නිලමෙ මාමණ්ඩි අපෙ සුදු බේබී"
"අපෙ අප්පෙ දමිත්‍රි මැනිකේ නම් තව ලස්සන වෙලාද මංදා තව කසාදයක් කොර ගත්තැහැකි. බලන්න එපැයි හිනා වෙද්දි තියෙන සිරියාව රැසියාව පරාදයි "
මං හිතන්නෙ මං දැක්කෙ හීනයක් නෙවෙයි මේ පයියා හැබෑවටම මෙහෙ ඇවිත්. මේ නිඛිල කියන්නෙ වෙන කවුරුත් නෙවෙයි ජයවර්ධන පරිසර ඇමතිගෙ පොඩි පුතා අපේ මහ නිලමෙගෙ කලන මිතුරෙක් තමා ඔය ජයවර්ධන ඇමති. ඒ වගේම මේ නිඛිල කියන්නෙ අපේ මහ නිලමෙගෙ කැම්පස් එකේ ගෝලයෙක්. සමහර කාලවලට මහ නිලමෙ මේකව මෙහෙ එක්ක එනවා මං හිතන්නෙ මේ පාරත් අපිට බඩු හරි වගේ.
මං බැලුවෙ අපේ පොඩි මැනිකෙ දිහා...
1
:
:
:
:
:
:
2
:
:
:
:
:
:
:
3
:
:
:
:
අපි දෙන්නම ඉන්න තැන් වලින් නැගිට්ටෙ ඉද්ද ගැහුවා වගේ. නැගිට්ට වඩා නැගිට්ටුනා කිව්වොත් හරි මායි පොඩි මැනිකයි මූණට මූණ බලලා එකටම ඔලුව වැනුවා. ඉට පස්සෙ ඒකියි මායි බැලුවෙ ගබඩා කාමරේ දිහා. මං තනි කකුලෙන් පැන පැන කාමරේ දිහාට දුවනකොට අපේ පොඩි මැනිකා මාවත් තල්ලු කරන් දිව්වෙ ගබඩා කාමරේට."සලාාාාාං බලාාාාං "
"අනේ!!! අම්මේ.... සුදු බේබී "
"අනේ!!!!!!! මගේ තුනටිය නැගිටපන් ලතා... නැගිටපන්... හයියෝ "
"උබ අලිපැටියයි මමයි කරනවද ලතා නැගිටපන් නැගිටපන් හනේ!!!! "
අර පොඩි මැනිකා කියන ධාතු සුනඛි තල්ලු කරපු පාරට මං ගිහින් වැදුනෙ මට බොන්න කිරි එක අරන් ආපු කිලෝ 300 ක් විතර බර තප්පදෝරෑ ලතාගේ. ඒකී මාත් එක්ක අලි පැටියෝ ඔයයි මමයි වගේ මගේ ඇගේ. ඒකි උඩ මම යට.ඒකේ අනිත් පැත්ත නේද වෙන්න ඕන තව ටිකෙන් මගෙ ප්‍රථම හාදුව ලතා සතු වෙනවා. මේතනට අඩු හිමන්තරා එකේ සින්දුව විතරයි. You're my destiny......
YOU ARE READING
සීදේවී...
Phi Hư Cấu"විද්වාන්" "ඕයි " "ගොඩ සුද්දෝ " " ඇහැල වලව්වේ පොඩි බේබී" "පොඩි නිලමේ " "හැලයෝ!!!!!!!!!!!" "මං... මං ... තමුසෙට ආදරෙයි " "උම්ම්ම්මා "