අතුරුදහන් වීම......14

26 4 1
                                    

විද්වාන් pov

" ඔයා දන්නවා විදූ අපි අතර තියෙන සම්බන්දෙ. ඔයා ඇයි මට මෙහෙම කරන්නෙ "

"දෙයියනෙ නිරාශා මම ඔයාට අනන්තවත් කියලා ඇති. ඇයි මෙහෙම කරන්නෙ "

"මම දන්නවා විදූ- ආහ්...මේ ...ඔව් ඔව්
ඒ උනාට විදූ අපි වෙඩින් එකට කලින් එහෙම කරන හරි නෑනේ ඔයාට ඕනෙමනම් හා ⁣ඉතින් මම කලින් එහෙම කරලත් නෑ "

එක පාරට වෙන විකාරයක් කියවන්න ගත්තු නිරාශා මාව කිස් කරන්න ගනිද්දි
තප්පර ගානට වෙච්ච දේ නිසා ශොක් උන මම හරිසිහියට ආවේ කවුරු හරි sorry කියන සද්දෙකින් නිරාශව  මගේ ඇගෙන් අහකට තල්ලු කරපු මම අත දිගෑරලා හොද කනේ පාරක් දුන්නා.

"ආහ් ...!!"

" ENOUGH... හොදටම ඇති මේ නාඩගම I told you මං උඹට සිංහලෙන් කිව්වා. මම උඹේ මිනිහා නෙවෙයි කියලා. අනික උඹ මට සහෝදරියක් වගේ උඹට මාත් එක්ක බුදියගන්නද ඕන ආාා කියපන් "

" වි- විදූ..."

"අඩපන්.. ම්ම්ම්. මම උඹට අද අත ⁣ඉස්සුවෙ උඹ සීමාව පන්නපු නිසා නිරාශා මම එදත් කිව්වා මම ඒ මගුලට කැමති නෑ. උඹ තවත් ඒ අදහසින් ⁣⁣ඉන්නවනම් ඒක අතෑරගනින් වලව්වෙ උනුත් කිව්වෙ උඹට මේ මගුල වෙන එකක් නෙමෙයි කියලා.. "

" ම- මං ආදරෙයි නෙ "

"ආදරේ බලෙන් ගන්න බෑ නිරාශා. උඹට තියෙන්නෙ ආදරයක් නෙමෙයි අයිතිකර ගැනීමක්. ගෙදර එකම ලමයා උන උඹට මම ආදරේ කරේ සෙහෝදරියක⁣ට වගේ නිරාශා ඒක තමුසෙ දන්නවා. තමුසෙ ඒක වැරදියට හිතාගත්තට මට කරන්න දෙයක් නෑ. අනික අපේ මාමලා එදා මගුල් තීන්දු ගෙනාපු වෙලාවෙම මම වගේම වලව්වෙ අයත් ඒක පිලිගත්තෙ නෑ. තමුසෙට තියෙන්නෙ බයක් නිරාශා තමුසෙ බයයි මාව තමුසෙට නැති වෙයි කියලා ඒකයි. තමුසෙ බයයි මම ආදරේ කරන කෙනා තමුසෙට මාව නැති කරයි කියලා. මම අද තමුසෙත් එක්ක හිටියෙ මේ බය ගැන තමුසෙට හොදට තේරුම් කරලා දෙන්න. හොදින් කියද්දි තමුසෙ මේ වගේ විකාර වැඩනම් කරන්නෙ තමුසෙට අද ⁣ඉදලා සුදු අයියා නෑ නිරාශා ඒක මතක තියා ගනින්. "

" විදූ- "

" කට..කට වහපන්
ඔය නම ඕක කියන එක නවත්තපන් උඹට සුදු අයියා උන මං විදූ උනේ කොහොමද යකෝ !! "

You've reached the end of published parts.

⏰ Last updated: Nov 02 ⏰

Add this story to your Library to get notified about new parts!

සීදේවී...Where stories live. Discover now