ලොකු හාමුදුරුවෝ ඇයි ලොකු හාමුදුරුවෝ මේ වෙලාවේ වැඩියෙ නිකන් වෙන්න බෑ අනික මේ මහ නාකියත් ඉන්න වෙලාවේ. ඕකා පන්සලක් එක්ක හිත හොදින් නෙමේනේ ඉන්නෙ අද නම් යම් කිසි දෙයක් වෙයි වගේ මං එලියට යන ගමන් කල්පනා කරද්දි තමයි මට මහා නාකියගෙ වාග් විලාසය ඇහුනෙ.
"ලොකු හාමුදුරුවෝ එක පාරට වලව්වට වැඩියෙ "
"ඇයි උපාසක මහත්තයා මං ආපූ එක ලොකු උපාසක මහත්තයා කරදරයක්ද "
"එහෙම එකක් නම් නෑ හාමුදුරුවනේ කොහොමත් මම පන්සල පැත්තෙ එන්න හිටියෙ "
"අර මොකද මහ නිලමේ එකපාරටම "
"නැ මේ අපේ ඇමතිතුමාට ලොකු හාමුදුරුවන්ව බැහැ දකින්න ඕනෑ කිව්වා"
"මාව බැහැ දකින්නෙ මක්කටද "
"නෑ මේ අර මග නවත්තලා දාලා තියෙන දාන ශාලාවෙ වැඩ ආයේ පටන් ගන්න කියන්නෙ අපේ හාමුදුරුවනේ "
"ම්ම්ම් එහෙමද උපාසක අම්මේ එව්වනම් ඉතින් හොද වැඩ වෙන වෙන වැඩ නොකර උන්නොත් "
"වෙන වැඩ කීවේ අපේ හාමුදුරුවනේ "
"එව්වා ඉතින් දන්නෙ මහ තැනලම තමා රොසලින් අම්මෙ ඒ කාලෙ අපිත් හිච්චි උනාට අපිටත් ඇහැ කන තිබ්බා නොවැ "
" ආ මේ දිනේත්‍ර ලමයත් ආවේ හොදා හොදා "
" අපේ හාමුදුරුවනේ. මාව හම්බෙන්න ඕනා කිව්වෙ "
"ම්ම්ම් සුවපත් වේවා !! . ඔව් මට ඔය ලමයත් එක්ක වැදගත් කාරනාවක් කතා කරන්න තියෙනවා. පන්සල පැත්තෙ ආවනම් "
" එහෙමයි හාමුදුරුවනේ "
"මොකද්ද හාමුදුරුවනේ වැඩේ. මේ අපේ ලමයා මේ දවස් වල මගුල් ගෙදර වැඩ වලට ටිකක් හිර වෙලානේ ඉන්නෙ "
" හිර වෙන්ඩ මේ ලමයා නෙමේනේ මහත්තයෝ මනමාලී. මට මේ ලමයත් අර දහම් පාසලේ වැඩ වගයක් කතා කර ගන්න අඩ ගැහුවේ "
ලොකු හාමුදුරුවෝ දැක්ක ගමන් දන ගහලම වදිද්දී පන්සල පැත්තෙ එන්න කියපු ලොකු හාමුදුරුවෝ යන්න ලැහැස්ති වෙද්දි ගෙදරින් එලියට පැන ගන්නත් මට මේක චාන්ස් එකක් උනා. විද්වාන් ඉස්කෝලෙ ඇරිලා යන්නෙත් ඒ පැත්තෙන් වෙච්ච කොට එයාව හම්බෙන්න දෙයියෝ දීපූ චාන්ස් එකක් උනා. ඒකටත් මහ නාකියා හොම්බ දාන්න යද්දි බස්සන්න හදපු බෝලෙට හයේ පාරක් දුන්න ලොකු හාමුදුරුවෝ මගේ ඔලුවත් අත ගාගෙන එලියට වඩින්න ලෑස්ති උනා. මහ නාකිච්චි ඔසරිපොටත් ගස්සන් ඇතුලට යනකොට මහ නාකියා මැද්දෙන් පැනලා පරල වෙන්න ගත්තා
YOU ARE READING
සීදේවී...
Sachbücher"විද්වාන්" "ඕයි " "ගොඩ සුද්දෝ " " ඇහැල වලව්වේ පොඩි බේබී" "පොඩි නිලමේ " "හැලයෝ!!!!!!!!!!!" "මං... මං ... තමුසෙට ආදරෙයි " "උම්ම්ම්මා "