තවත් දවසකට එලි වෙද්දි අද හැමෝම පට්ට busy වෙලා තිබ්බා. මුලින් වෙඩින් එකට අකමැත්තෙන් හිටපු අක්කා මගුලට උවමනාවෙන් වැඩ කරන්න ගනිද්දි හැමෝම මුලින් ටිකක් පුදුම උනත් වැඩිය ගනන් ගන්න ගියේ නෑ. මහ නාකියයි නාකිච්චිටයි ඕන නිසා මගුල් ඇදුම් අන්දන අය ගෙදරටම ගෙන්නන්න තීරනය වෙද්දි අක්කා එයාගෙ ජීවිතේ ලොකු අඩියක් තියන්න ලෑස්ති උනා. කට්ටිය හරි හරියට මගුලට ලෑස්ති වෙද්දි හැමදේම පිලිවෙලට ලෑස්ති වෙන ගමන් තිබ්බා. අද උදේම බඩ තඩි ඇමතියා මෙහෙ ඇවිත් තියෙද්දි අලි බඩාට තේ අල්ලන්න මට සිද්ද උනා. අනේ මුගෙ බඩට මට කට්ටකින් අයින්න නෑනේ. මුගේ බඩ බලපන්කෝ මාස 7 ක ගැබිනි මාතාවක් වගේ. මුට මගුල අස්සෙ ප්රසව වේදනාව එහෙම ආවොත් කාට කියන්නද අනික පසුවෛද්ය කෙනෙක් කොහෙන් හොයන්නද යකෝ !. අනික කෝ මුගෙ පුතන්ඩියා මම මේ දවස් දෙකේම ඇහැට දැක්කෙ නෑ එක්කො ඔය කාලකන්නි නැති එකමයි හොද.
" ආා මේ දිනේත්ර පුතත් අද ඉන්නෙ "
"ඒකනෙ ඇමති තුමා අද අපේ සුදු බේබී ඔන්න ගෙදර ඉන්නවා කාලෙකට පස්සෙ "
"ඒක නේන්නම් රොසලින් නෝනා. කෝ මේ අපේ නිඛිල ලමයා. "
"ඔය අපේ සුදු බෙබීගෙ තාත්තත් එක්ක ගියේ අන්තිම වෙඩින් කාඩ් ටික බෙදලා එන්ට "
"ම්ම්ම් නිඛිල පුතා අපේ දිනේත්ර ලමයත් එක්ක හරි එකතු යි නේද ? "
" නේන්නම් නේන්නම් "
" ඒක නෙමෙයි දිනේත්ර ලමයා දැන් ලොකු වෙලානේ ඉස්සර හිටපු හිච්චි එකා නෙමෙයි "
ඔව් ඔව් ලොකු ලමයෙක් උනා සුදු රෙද්දක් ගෙනෙන් පොරවන් ගෙට වෙන්ඩ. කලගෙඩි බඩා.බලපන් අද තෝ නිදාගෙන ඉද්දි හරි ඇවිත් මං තොගේ බඩට ඇන්නෙ නැත්තම් මම දිනේත්ර නෙමේ.හිටපන් දෙන්ඩ වැඩේ තොට
" ඇමති මාමත් එහෙම තමයි මං චූටි කාලේ දැකපු බඩ නෙමේ දැන් තියෙන්නෙ. දැන් තියෙන්නෙ කල ගෙඩි බඩක්. "
ආවා මෙතන මගේ ලොකු පොඩි හොයන්න. බලාගෙන ඉද්දි ඇමතියා බිබී හිටපු තේකත් පිට උගුරෙ යද්දි එහා පැත්තෙ හිටපු ගාඩ් පොරත් හිනාව නවත්තගන්න තොල හපා ගනිද්දි අපේ පුක ලොකු නාකිච්චි ඔසරි පොටෙන් කටවහගත්තා.කුස්සියට ආපූ මම කෙලින්ම ගියේ මගෙ දෝනී පොඩ්ඩව හොයාගෙන අද එයාට හරි හරි වැඩ කෝටියයි. කොන්ඩෙට විච්චූරන කරන්නයි නියපොතුවල පාට ගාන්නයි එක එක වැඩ ඉතිම් අද දෝනිට.
YOU ARE READING
සීදේවී...
غير روائي"විද්වාන්" "ඕයි " "ගොඩ සුද්දෝ " " ඇහැල වලව්වේ පොඩි බේබී" "පොඩි නිලමේ " "හැලයෝ!!!!!!!!!!!" "මං... මං ... තමුසෙට ආදරෙයි " "උම්ම්ම්මා "