"සොනා ඔයා හිතනවද ඔයාගෙ ගෙදරින් මට කැමතිවෙයි කියලා...අම්මෙක් අප්පෙක් නැති එකෙක්ට කවුද කැමති''
''අම්මෙක් අප්පෙක් නැති එක ඔයාගෙ වරදක් නෙමෙයිනෙ තේජව...''
''හ්ම්ම්..මන් ඔයාට හරි ආදරෙයි සොනා..ඒක මෙහෙමයි මෙච්චරයි කියන්න බෑ..''
"මන් දන්නවා මට හම්බෙන්න පුළුවන් හොදම කෙනත් ඔයා කියලා''
''ඒක නෙමේ සොනා ඔයාට දිහේන් එක්ක කිසිම තරහක් නැද්ද''
"නෑ ..එයා මගෙ පුංචි මල්ලිනෙ..ඔයා දන්නවද තේජව..මගෙ මල්ලිට කවුරු නැති වුණත් එයාගෙ අක්කා ඉන්නවා..මගේ හුස්ම ටික නවතිනකම් මගෙ පුංචි එකාව මන් මගෙ පපුව අස්සෙම තියාගෙන පරිස්සම් කරනවා''
"ඔයා හොද අක්කෙක් එයාට''
"ඔව්..අක්කා වගේම අම්මෙකුත් වෙන්න ඕනේ මට එයාට...කවදහරි මට ළමයෙක් ඉපදුණොත් ඒ මගෙ දෙවනි ළමයා..මගෙ මල්ලි තමා මගෙ පළවෙනි ළමයා''
"දිහේන් හරිම වාසනාවන්තයි සොනා ...කෝ දැන්''
"අන්න ගිහාන් එක්ක ක්ලාස් ටිකට ඇඩ්මිෂන් ගෙවන්න ගියා..එයා මාරම දක්ෂයි තේජව..අපි ක්ලාස් ගිහින්වත් තේරුම් ගන්න බැරි තැන් එයා ගමේ ඉස්කොලෙකට විතරක් ගිහින් තේරුම් අරන්...''
"පෙනුමෙන් කියන්න පුළුවන් දිහේන් කියන්නෙ මාර මොළයක් කියලා''
"අම්මටසිරි කොල්ලට ආසිරි කිව්වලු...බලන්නකෝ දිහේන් අපේ බෝඩරේට අලුත් කුරුළු ජෝඩුවක් බැහැලා කීචි බීචි ගාන ලස්සන...''
"ඒකනේ නේද ගිහාන්''
"කෝ එනවා මෙහෙට...හොද කෙනා එක්කනේ මෙයාවත් මන් සෙට් කළේ...''
"ඇයි ඇයි සොනා..මාත් එක්ක හිටියාම තමා සිරිමත් වුණත් අසිරිමත් වෙන්නේ"
"ඔව් ඔව්...ආ අන්න අන්න අනිත් ගොන් රජත් පිඹගෙන එනවා.."
සෙනසුරාදා කියන්නෙ එපා වෙච්ච දවස් හතෙන් හය වෙනි දවස...උදේ පාන්දරම ක්ලාස්..හතට පටන් ගන්න පන්තියට උදේ පාන්දර ඉදන් ලෑස්ති වුණත් මට කවදාවත් වෙලාවට යා ගන්න බෑ ...එක්කො බස් පරක්කුයි නැත්තම් මන් පරක්කුයි...අදත් නැගිටින්න තිබ්බ කම්මැලිකමට ඔන්ලයින් ක්ලාස් එකට ඉන්නම් කියලා ආයිත් නිදාගන්න හැරුණ විතරයි පුප රත් වෙන්න පාරක් අම්මා අම්මගෙන් හම්බුණේ..අම්මවත් නෑ ඔහොම..පස්සෙ ඉතින් නැගිට්ට එකේ කාලා බීලා ආයිත් බස් එක අල්ලන්න කියලා උදේම පාරට දුවනවා...කොමස් වත් කලානම් ගෙදරින් පොඩිහරි සපෝට් එකක් ඉගෙන්න ගන්න හම්බෙනවා කොහෙද බයෝ කරනවට ගෙදරින් කැමති නෑනේ...බයික් එකක් තිබ්බට ඕකේ ගිහින් උදේම පොලියියේ ලගිනවට වඩා හොදයි ඇවිද්ද පය දහස් වටී කියලා කකුලට පින් දිදි දුවලා බස් එක අල්ල ගන්න එක...