" මන් කලිනුත් කියලා තියේනේ පේෂන්ව ශොක් වෙන විදිහෙ කිසිම දෙයක් කරන්න එපා කියලා....."
"අපි එහෙම මොකුත් කලේ නෑ doctor .... පුතා office එකේ ඉද්දියි මෙහෙට ගෙනත් තියෙන්නෙ..අපිත් පස්සෙයි දන්නෙ ''
"excuse me doctor ... දිහේන් කියලා කෙනෙක් එක්ක පේෂන්ට කතා කරන්න ඕනෙලු...පොඩ්ඩක් කලබල කරනවා "
"ම්ම්..දිහේන් විතරක් ඇතුළට යන්න...අනිත් අය එළියෙ ඉන්න ''
"සොරි doctor ඒත් දිහේන් මෙතන --- ''
"මම doctor දිහේන්...''
________________🤍
"සුදු පුතා පහළට එන්න ටිකක්''
අද අම්මා ගෙදර...තාත්තා නම් වැඩ...එදා මන් කිව්ව දේවල් වලට පස්සේ එක්කො අම්මා ගෙදර නැත්තම් තාත්තා ගෙදර...ඒත් එයාලා ඔෆිස් වැඩ ටික ගෙදර කරන්න පුරුදු වුණා...හිටියත් නෑ වගේ තමා ඉතින් එතකොට....අද උදේ ඉදන් පාඩම් කරලා ඉවර වෙලා හවසට දිහේන්ලගෙ ගෙදර යන්න ලෑස්ති වෙලා හිටියේ...අපි හැමෝම කරන්නෙ එකම සබ්ජක්ට් ටික නිසා එහෙම පාඩම් කරන එක ලේසි..එක්සෑම් ළග හින්දා තියෙන ස්ට්‍රෙස් එකත් පොඩ්ඩක් අඩුවෙයි කට්ටියම එකට ඉන්න හින්දා....
"කියන්න අම්මා "
"පුතා මේ ඉන්නේ යොනාල් තිසරු...එතකොට යොනාල් මේ මගෙ පුතා කල්ප ''
මන් පහළට එද්දි අම්මා සැටියට වෙලා කොල්ලෙක් එක්ක කතා කර කර හිටියේ...ක්ලයන්ට් කෙනෙක් වෙන්න ඇති කියලා මන් එච්චර ගණන් ගත්තේ නෑ...මොකද කොහොමත් අම්මගෙයි තාත්තගෙයි ක්ලයන්ට්ලා එක්ක මට කතාවක් නෑනේ...
පෙනුමින් නම් යොනාල් සාමාන්‍ය විදිහක උසක් තියෙන සුදු කොල්ලෙක්...වැම්පයර් කෙනෙක්ගෙ වගෙ පොඩි උළට හැදිච්ච හිනාවෙද්දි පේන නළ දතකුත් කොල්ලට තිබ්බා...ඒක පේන්නම ද මන්දා හිනාවෙලාම ඉන්නවා ...මට වඩා අවුරුදු තුනක් හතරක් වැඩිමල් ඇති ඕන්නම්...ඊට වඩා නම් නෑ...අම්මට ඉන්න තරුණම ක්ලයන්ට් වෙන්න ඇති මේ... සුපිරිම බිස්නස්මන් කෙනෙක් වෙන්න ඕනේ නැත්තම් අපෙ අම්මගෙ ක්ලයන්ට් කෙනෙක් වෙන්න බෑනේ...අම්මා ක්ලයන්ට්ලා තෝරගත්තත් ගත්තෙ අම්මගෙ පැත්තට දශමෙක හරි වාසියක් වෙනවනම් විතරයි....