1 වාට්ටුව

131 13 6
                                    

"excuse me sir..."

''yes..come''

"sir මේ ලියුම සර්ට ආපු එකක්..''

"ok...තියලා යන්න''

________

" ඒ ඉක්මන්ට වරෙව්කෝ...සර් සර් නැගිටින්න..''

_____________🤍💐

අඩෝ කල්ප වරෙන්කො ඉක්මන්ට..."

"ඉදාම් මේ ටික පිනාට දුන්නා ආවා ...අතක් තියන්නෙ නෑ බත් එකට"

මන් කල්ප තීක්ෂණ එදිරිසූරිය...ඒ ලෙවල් අවසාන අවුරුද්දෙ ඉන්න  කොල්ලෙක්...කොටින්ම කිව්වොත් මන් මෙච්චර නැහිලා ඒ ලෙවල් කරන්නෙ ජොලියට...ඉපදුන දවසෙම උරුමය ලියවෙච්ච බිස්නස් ගොඩක උරුමක්කාරයෙක් මම...පවුලේ තනි ළමයා විදිහට හැදෙන මට ඉස්කොලෙ කාලේ ගොඩක් වටිනවා...මොකද ගෙදරදි මන් තනි...ගෙදර කට්ටිය එක්ක පාටියකට ගියොත් හම්බෙන්නෙ වැදගත් යාලුවෝ..සමහර අය ලංකාවෙ වුණාට මොකද සිංහල අකුරක් කියාගන්නවත් බෑ...ඒත් මට ඉස්කොලෙදි හිටියේ මන් හදාගත්ත යාලුවෝ...උන් එක්ක මට තිබ්බේ මට ඕන කරපු නිදහස...ඉතින් මන් උන්ට ලෝභයි....

මගෙ හොදම යාලුවා තේජව හිම්සදු .... ඌ මගේ සහෝදරයා වගේ කොල්ලා...වාසගමක් නැති උට මන් මගෙ වාසගම දෙන්න වුණත් කැමතී..එයා හැදෙන්නෙ එයාගෙ ආච්චි ගාව...අම්මා තාත්තගෙ මූණ නොදැක්ක එයාට හිටියෙ උඩරට වලව්වක කුමාරිහාමි කෙනෙක් වෙච්ච  ආච්චි අම්මෙක්...ඉස්කෝලෙ යන්න ලේසිවට නගරේ බෝඩිම් වුණාට උගෙ හිත තිබ්බේ ආච්චිගෙ වලව්වෙ...

"අඩෝ වරෙන්කෝ ඕයි...''

"උබලා අත් හේදුවද ඈ මේ කන්න ලෑස්තිය''

'' අනේ පල පල  ...ඌරන්ට මොන සෞඛ්‍යද සුද්දා..වරෙන් කන්න"

ඉන්ටවල් එකට ලෙහෙන බත් එකක් කියන්නේ  උපරිම එක කටයි...ඒකෙත් බත් ඇට ලොකු ප්‍රමාණයක් නෑ..එතකොට අනිත් මාලුව...ඒවා ගැන හිතන එකත් අකැපයි....එකෙක් ගේන බත් එක කිසිම හිරිකිතක් නැතුව දහයක් විතර එකට කන එකේ තියෙන සතුට ගෙදර තියෙන ලොකු මේසෙ වාඩිවෙලා සේවකයො බලන් ඉද්දි කනවට වඩා රහයි...බඩ අඩුවෙන් පිරුණත් හිතනම් හොදට පිරිලා....

" ඒ මේ ගිහානයා කහමදේ සාක්කුවෙ දාගත්තා ''

''තේජවයෝ අල්ලපන් ඕකව..."

_වාට්ටු අංක???_Where stories live. Discover now