"බලන්න ළමයි මෙච්චර අත ළගම Exam එකක් තියේ...ඔයාලට කිසි ගාණක් නෑ...ඉස්කෝලෙ අපු අයගෙනුත් කීයෙන් කී දෙනාද දැන් ක්ලාස් එකේ ඇවිත් ඉන්නෙ බලන්කෝ.....ගිහාන් මන් කියන ඒවා අහන්ද ඉන්නේ...අම්මපා ඔයාලා ඕන එකක් කරගන්න ළමයි...කෝ දැන් කල්ප එහෙම...උදේ හිටියනෙ කොහෙද ගියේ''
"මියුසික් රූම් එකේ මැඩම් "
"මන් කිව්වෙ ....කාටවත් ඕන කමක් නෑ මේ විභාගෙ කරගන්න...මොකක්ද දැන් කල්ප ඔය මියුසික් රූම් එක අස්සට වෙලා කරන්නෙ"
"අර පොඩි කට්ටියක්ව තරගෙකට යවන්න ලෑස්ති කරනවා මැඩම්''
"ආ එහෙමද....කාවිංග පුතා ගිහින් බලලා එන්න කියන්න කල්පට පංතියට....නැත්තම් මන් එන්නද අහන්න එතන්ට එයාව වඩම්මගෙන යන්න"
අද බදාදා..බදාදා කියන්නේ එපාම වෙච්ච දවස් දෙකක් පටන් අරන් දවස් දෙකක් ගෙවිලා වගේම නිමාඩු දවස් දෙකක් වැටෙන්න තව දවස් දෙකයි තියෙන්නේ....ඒ වුණාට සතියේ මැද දවසක් කියන්නේ මට නම් කම්මැලිකම ඉහටත් උඩින්...අදත් ඉස්කොලෙට ඇවිත් උදේම දිහේන් එක්ක කතාවක් දාන් ඉදලා එයා කියලා දුන්න පාඩම් කොටසකුත් එහෙන් මෙහෙන් බලන් ඉදලා මියුසික් රූම් එකට පැනගත්තේ ලබන සතියේ තරග වලට යන්න ඉන්න පොඩි සෙට් එක පිටින් දාලා....මෙතන්ට ආවා කියලා ලොකු දෙයක් කරන්න තිබ්බෙත් නෑ ඉතින්...එයාලා කියන විදිහ හරිද බලලා පොඩි ඇක්ටින් එකක් හදලා දෙන්න තිබ්බේ...කියන විදිහ නම් ඒ හැටි අවුලක් නෑ කාගෙවත් මොකද මාසයක් තිස්සෙ පුරුදු වෙන සින්දුනේ...හැමෝගෙම ඇක්ටින් එක නම් චුට්ටක් වෙලා ගියා හදලා ගන්න...කොල්ලොන්ගෙ ඇක්ටින්නේ...සමහරු නම් මුල ඉදන් කිව්ව විදිහටම කලා...සමහර අයට නම් තාලෙකට හැරෙන විදිහෙ ඉදන් දහ පාරකට වඩා කියලා දෙන්න වුණා....
"කෝ කෝ ඔය චූටි මල්ලි...මේ බලන්නකො මෙන්න මෙහෙම ඉණ හොදට කරකවලා ගන්න ඕනේ....ආ දැන් ගස්සන්න... හරියට කරාම් බන් පොඩ්ඩක් ගස්සන්න කිව්වාම දාහකට ගහන්න වගෙ ගස්සන්නෙ"
"ඉතින් අයියේ ඔයා කරපු දේමනේ මාත් කලේ...අපෙ අක්කත් බඩ රිදෙනවා කියලා සමහර දවස්වලට ඔහොම ඇඹරෙනවා"
"ගහප් පොඩි ඇටයට කන පැලෙන්න...බලපිය ආයිත් කරන විදිහ"
පොඩි එවුන්ට හරියට කරන්නත් බෑ..ඒත් කට කියවගෙනත් එනවා..අන්න එතකොට තමා දෙන්න හිතෙන්නෙ මුන්ට....