දිහේන් කියන්නෙ සොනාගේ මල්ලිලු...අවුරුදු ගාණක ඉදන් මන් සොනාව දන්නවා...ඒත් ඔය කියන විදිහෙ මල්ලියෙක් ගැන කවදාවත් සොනා කියලා නෑනේ...
''ඔයාට කොහෙන්ද සොනා මල්ලිලා..අපි දන්න තරමින් උබට කවුරුත් නෑනේ''
'' සල්ලි තියෙන සමහර තැන්වල යට ගහපු ප්‍රශ්න වැඩීනේ "
" ඈ බන් මොකක්ද ඒ කතාවෙ තේරුම''
"අපි දෙන්නා එක අම්මගෙ නොවුනට එක තාත්තගෙ කල්ප ''
සොනා කිව්ව එකට හැමෝටම මූණට මූණ බලාගන්නවා ඇර වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ...සොනාගේ තාත්තා කියන්නෙ දැනට රටේ ඉන්න ක්‍රීඩා හා පාලන කටයුතු ඇමති...රටටම හංගපු දේවල් ඔය ගේ ඇතුළෙ වෙන විදිහ සොනා අපිත් එක්ක කියලා තියේ...ඒත් මේ වගේ දෙයක් කවදාවත් සොනා කියලා නෑ...
'' ඒත් ඔය ගැන අපි දන්නෙ නෑනෙ ''
'' මන් දන්නෙත් ළගදි ගිහාන් ....මල්ලිව හම්බුණාම ඔයාලට කියනවා කියලා හිතුවා...''
"කෝ ඉතින් කිව්වද කලින්''
"හරි අනේ ඊයේ පංති ඇරිලා මන් ගෙදර යද්දි මට කෝල් එකක් ආවා මන් යක්කලින් බැහැලා පැය ගාණක් අක්කෙ මට ගෙදර හොයාගන්න බෑ කියලා ''
"ඉතින් ඉතින් ''
''පස්සෙ මන් යක්කලින් බැහැලා ටිකක් වටපිට බලද්දි දැක්කෙ බරට බරෙ පොත් බෑග් එකක් උස්සන් දෙපැත්තට වැනි වැනි ඉන්නවා කොල්ලෙක්...සැකේටත් එක්ක මම ගිහින් ඇහුවා ඔයාද දිහේන් කියලා...අනේ මන් පන්ති යන්න කලින් කල්ප මට අල්ල ගන්නත් දීලා තියෙන්නෙ මේ මගෙ මෝඩ පැටියගෙ බෑග් එකනේ...කොහෙ අදුර ගන්නද අනෙ මගෙ පුංචි එකාව මන් දැකලා තිබ්බේ අවුරුදු ගාණකට කලින් ගත්ත ෆොටො එකක්නේ..''
සොනයි දිහේනුයි දිහා හොදට බැලුවොත් දෙන්නගෙ රූපෙන් ලොකු සමානකමක් නෑ..හැබැයි දෙන්නටම තිබ්බේ එක වගේ ඇස්..දුඹුරු පාට බෝල ඇස්....ඒ ඇරෙන්න දෙන්නා දෙවිදිහක්....
''ඉතින් උබ කොහොමද බන් මේ මල්ලි කියලා හොයාගත්තේ''
"තාත්තගේ ඔෆිස් රූම් එකේ තිබ්බ ෆයිල් එකක් ඇතුළෙ මෙයාගෙ ෆොටෝ එකක් තිබ්බා..අවුරුදු අටක කොල්ලෙක්ගෙ වයසක ඇති මෙයා ඒ ෆොටෝ එකේනම් ..ඒ ෆයිල් එක තව ටිකක් චෙක් කරද්දි තමා දැක්කේ මෙයාගෙ බර්ත් සෙටිෆිකේට් එකේ කොපියකුයි දිලිණි කෞෂල්‍යා කියන ආන්ටිගෙ ඩ(ර්)ත් සෙටිෆිකේට් එකකුයි තියෙනවා..''