මේසෙ එහෙ මෙහෙ අත විසිරිලා ගියපු පේපරුයි පොතුයි එක්ක දැනට පැය හතරකටත් වඩා අපි අතරමං වෙලා හිටියේ...ඔලුවට මහ බරයි මේ දවස් ටිකේ..එක්සෑම් ළග හින්දා මෙහෙම වැඩ නොකරත් බෑ ඉතින්...මොන පිස්සුව නැටුවත් කවුරුත් ක්ලාස් කට් නොකරපු එක නිසා මෙහෙම හරි බේරුණා...තමන් හොදටම දන්න කොටස් තව කෙනෙක්ට කියා දෙන ගමන් පාඩම් කරන එක ලේසි..අවුරුදු දෙකක් ඉගෙන ගත්ත ඒවට වඩා සමහර වෙලාවට එහෙම අහගන්න කොටස් මතකෙ හිටිනවා..
''කෝ ළමයි දැන් චුට්ටක් හිටියනම් හරි නේද...ආපු වෙලාවෙ ඉදන් වැඩනෙ ඔයාලා"
"පස්සෙ බොමු ආන්ටි''
''ඌ පස්සෙ බොයි ආන්ටි යමු අපි තේ බොන්න''
ගිහානයා කාටත් කලින් පුටුවෙන් නැගිටලා තේ බොන්න ආන්ටි පස්සෙ වැටිලා ගියා....අපිත් ඉතින් ඒ පස්සෙම ගියා...තේත් බීලා කට්ටියම මිදුලට ටිකක් බැස්සෙ ඔළුව නිදහස් කරගන්න..මිදුල පුරා ලස්සනට තණකොළ වවලා තිබ්බ නිසා මන් ගිහින් තණකොළ ගොඩක් මැදින් වාඩි වුණේ සුදුත් ඇවිත් මගෙ ඇගෙ ගෑවි නොගෑවි ඉදගන්නකොට..සොනා නම් අපි දිහා බලලා මහ කෝළ හිනාවක් පා කළා...සමහරවිට සුදූ හරි තේජව හරි කියන්න ඇති.....
"අරයා ගියාද සුදු අයියේ''
''කවුද සුදූ''
"අර ඔයා ආවයි කිව්ව පැපරාසිකාර අයියා''
"ඔව් ඔව් ගෙදර තිබ්බ ඔක්කොම කාලා මගෙ ඔලුවත් කාලා ගියා...මොකද දැන් හිනාවෙන්නෙ ඔයා''
"කෝ බලන්න''
''මොකක්ද"
"ඔලුව කාලද කියලා "
"අනෙ අනෙ පිස්සු කෝළම"
"සුදු අයියේ එන්නකො කාමරේට යමුද බඩ්ඩක් පෙන්නන්න තියේ...''
''හා යමු ''
"මාත් එනවා''
බල්ලෙක්ව හුරතල් කර කර හිටපු ගිහානුත් අපේ පස්සෙන් එන්න හදද්දි මන් උගෙ පැත්තට හැරිලා පොඩි රැව්මක් දුන්නා විතරයි ගිහාන් මහ ගොන් හිනාවක් දාලා මන් දිහා බලන් හිටියා...
"මන් කිව්වෙ උබලා යන අතක යන්න..මාත් එනවා ආන්ටිව හොයාගන්න කියලා...කලබලේනෙ උබලට ''