දිහේන් අපේ ගෙදර ඇවිත් ගිහින් දවස් හතරකුත් ගෙවිලා ගියා...මේ දවස් හතරටම මන් එයාව දැක්කේ නෑ...සොනත් එයාලගෙ ඉස්කෝලෙන් කොහෙද මන්දා කෑම්පින් එකකට ගියපු හින්දා හම්බුණෙ නෑ..නැත්තම් මට එයාගෙන්වත් අහන්න තිබ්බා දිහේන්ට මොකද වුණේ කියලා...දහස් වතාවක් හිතුණා දිහේන්ව ගෙදරට ගිහින් බලලා එන්න කියලා...ඒත් එයා මාව මගාරින්න ඕනවට නම් මගෙ ඉස්සරහට එන්නෙ නැතුව ඉන්නේ...සමහරවිට එයා මට කැමති නැතුව ඇති...අපරාදෙ මන් හිතේ තියෙන දේ කිව්වෙ එයාට..ආයිත් කතා කරන්නෙවත් නැතිවෙයි...හිතේ තියෙන දේවල් ඔක්කොම ඒ විදිහට වෙනවනම් මොනවද කරන්න බැරි...මටත් පිස්සු ඕනවට වඩා හීන මවන්න ගියාට....
"සුදුබේබි මොකද මේ කල්පනාව...දැන් නොගියොත් ඉස්කොලෙ පටන් ගත්තාම තමා යන්න වෙන්නෙ..."
"මොකුත් නෑ අම්මා අම්මේ...අම්මට පුළුවන්ද ඩ්රයිවර් අන්කල්ට කියන්න වාහනෙ ලෑස්ති කරන්න කියලා...හැමදාම බස් එකේම යන්න ඕන නෑනේ ගෙදර වාහනේ තියන්''
"හරි බේබි මන් කියන්නම් "
අම්මා අම්මත් පහළට ගියාට පස්සෙත් මන් ගෑනි මැරිච්ච මිනිහා වගේ විනාඩි ගාණක් හිමින් හිමින් පඩි ටික බැහැගෙන ඇවිත් ගිහින් වාහනේට නැග්ගා...ඩ්රයිවර් අන්කලුත් අද කිසිම සද්දයක් නැතුව ඉස්කොලෙ ළගට වෙනකම්ම ඩ්රයිව් කළා...වෙනදට නම් ගෙදර නිකම් ඉන්න වෙලාවක් ලැබුණොත් ඩ්රයිවර් අන්කල් එක්කත් පොඩි කතාවක් දාගෙන ඉන්නවා...අන්කල් ගොඩක් පොත් කියවන කෙනෙක්..ඉතින් එයා කියවපු පොතක් ගැන මාත් කියවන්න එයත් පුරුදු වෙලා හිටියා....අද අපි දෙන්නම කිසි කතාවක් නෑ....
"බේබි හවසටත් එන්න ඕනද''
"එපා අන්කල්"
"හරි බේබි ...පරිස්සමෙන්''
"හ්ම්ම්ම්"
මේ ගෙවිච්ච දවස් හතරම මන් කළු ගලක් ඔළුව උඩ තියන් ඉන්නවා වගේ බරක් දැනුනා...කවුරු හරි ටික ටික තියුණු අවියකින් හදවතට අනිනවා වගේ දැනුනා...වෙනසක් නොපෙන්වා ඉන්න කොච්චර හැදුවත් අම්මා තාත්තට ඇරෙන්න මාව ගෙදර ළගින් ආශ්රය කරපු සේවකයන්ට නම් ඒ වෙනස තේරිලා තිබ්බා...