8 කොටස

33 5 11
                                    

"සුදු පුතා ලෑස්ති වෙන්න ඉස්කෝලෙ ඉවර වුණාට පස්සෙ තාත්තගෙ බිස්නස් වැඩ වලට ජොයින් වෙන්න...මේවා ඔයාට අහක දාන්න පුළුවන් දේවල් නෙමෙයි''

අද අම්මයි තාත්තයි ගෙදර ආවා...සති දෙකකට පස්සෙ දෙන්නම ගෙදර ආවෙ...ඉස්සර පොඩි කාලෙ නම් මන් එයාලා එනකම් බලන් ඉන්නවා...සමහර දවසට එයාලා එනකම් බලන් ඉදලා මට කෑම මේසෙ උඩම නින්ද යනවා...මේ වයසට එද්දි මට ඕවා නිකම්ම හුරුවෙලා තිබ්බ නිසා දැන් මන් ලොකුවට බලන් ඉන්නෙ නෑ...ඒත් රෑට පාඩම් කරද්දි ඔලුව පොඩ්ඩක් අතගාලා යන්න...තේ එකක්වත් හදලා දෙන්න අම්මට වෙලාවක් තිබ්බනම් කියලා හිතෙනවා... කෑම මේසෙදිත් එයාලා බිස්නස් ගැන
කතා කරන්නේ...මට පාළුද ...ඉස්කොලෙ වැඩ කොහොමද දැන්...විභාගෙට ලෑස්තිද ඒ මොකුත් අහන්න එයාලට මතක නෑ වගෙ හැසිරෙන්නෙ....අඩුම ඉතින් අම්මයි තාත්තයි මැරිඩ් කරපු දෙන්නෙක් විදිහට ප්‍රයිවට් ලයිෆ් එකක් ගෙවන්නවත් ඒ දෙන්නට වෙලාවක් නෑ....

"ම්ම්ම් "

"මොකද පුතා ඔය ෆෝන් එකේ එල්ලිගෙන...ඕක පැත්තකින් තියන්න...හෙට ඔයාව හම්බෙන්න තාත්තගෙ යාලුවෙක්ගෙ පුතෙක් එයි...ඔයා එයා එක්ක ඔෆිස් එකට ගිහින් බලන්න''

"තාත්තගෙ යාලුවන්ගෙ පුතාලා මොකටද මාව හම්බෙන්න එන්නෙ අම්මෙ"

"පුතාට එයාගෙන් ඔෆිස් එක ගැන විස්තර දැන ගන්න පුළුවන් ..අනික කවද හරි එයා තමා ඔයාගෙ ඇසිස්ටන්"

"මට මොකෙක්වත් ඕනෙ නැ..මාව හිර කරන්න හදන්න එපා අම්මේ"

"මොකක්ද කල්ප කියන්නෙ..කවදද අපි තමුන්ව හිර කලේ..ඉස්කොලෙ යන්න ඕනෙ කිව්වා අන්තිම වෙනකම් ඒකත් කරන්න දුන්නා...පන්ති යන්න ඕන කිව්වා යැව්වා..''

"තාත්තේ ඒවා ඔයාලා කරන්න ඕන දේවල්නේ...තමන්ගෙ ළමයට උගන්නන එක අපරාදයක් නෙමෙනෙ.."

"කාලේ කෑවා විතරයි ...එදා මන් කිව්ව ඩ්‍රිග්‍රිය කරන්න ගියානම් අද වෙද්දි තමුසෙ කොම්පනි එකක අයිතිකාරයෙක් කල්ප"

"ශ්ශ්ශ් ඔය දෙන්නා චුට්ටක් නවත්ත ගන්න ඔය කෑගැහිල්ල..ක්ලයන්ට් කෙනෙක්ගෙන් කෝල් එකක් "

මෙච්චර වෙලා ඇවිලිච්ච කෑම මේසෙ පුරාවට ලොකු නිහැඩියාවක් ඇති වුණා..ඒත් එක්කම තාත්තා වෙනුවෙන් කට කොනේ හිනාවක් ඇදුණේ කෑම මේසෙන් ඈතට යන අම්මව දැකලා...

_වාට්ටු අංක???_Where stories live. Discover now