"කල්ප මොකෝ අවුල''
"දන්නවනෙ...ගෙදර ප්‍රශ්න තමා''
''තාත්තා ආයිත් රණ්ඩු වුණාද උබ එක්ක''
"බිස්නස් භාරගන්න කියලා තමා ඉතින්..උබට බැයිද මගෙ බිස්නස් ටික බලාගන්න''
''අපො අපො මේ යාලුවා ඔය බිස්නස් මගෙ තියරියෙ නෑ ''
"අඩෝ තොපි දෙන්නා ලව් කරනවද ඔතන..අන්න කිරියලා අලුත් එකෙක් අල්ලන් මඩවනවා"
"මෙහෙට ඇවිත් වාඩියෙන් සිත්රු උබ..උන්ගෙ සෙක්ෂන් වල එකෙක් වෙන්න ඇති..''
''නෑ පගයෝ ඌ අපේ එකෙක්..අලුතෙන් ඇවිත් තියෙන්නෙ ...වරෙන් යන්න''
අපේ සෙක්ෂන් එකේ හෙඩ් මම ..ඉතින් සෙක්ෂන් එකේ එකෙක්ට මොනා හරි වුණොත් ඒකට මන් වග කියන්න ඕන...ඊයේ ගෙදර අය එක්ක දාගත්ත ප්‍රශ්නෙන් පස්සෙ මට ආයිත් ප්‍රශ්නයක් ඔලුවෙ දාගන්න ඕන නැති හින්දා මන් සිත්රු කිව්ව අපේ එකට අලුතින් ආපු කොල්ලව එක්කන් එන්න ගියේ...කිරියා කියන්නෙ කොමස් එකේ කොල්ලෙක් ... උන් කරන්නෙම කොහෙවත් යන එකෙක් අල්ලන් උගෙන් ආතල් එකක් ගන්න එක...එයාලගෙ තාත්තලත් බිස්නස් ෆීල්ඩ් එකේ ඉන්න හින්දා උන්ට විභාග ගොඩ දාන එව්වා එච්චර වැඩක් නෑ ....උන්ගෙ තියරි ඉතින් ඒ...
සිත්රු එක්ක තේජවයි මායි දෙන්නත් ඉස්කෝලෙ පිටිපස්සෙ ග්‍රවුන්ඩ් එක පැත්තට යද්දි කොල්ලෝ විස්සක් තිහක් එතන වට වෙලා...සමහරු කිරියගෙ පැත්තට සපෝට් පිට කෑ ගහනවා..සයන්ස් එකේ උන් කිරියලව නවත්තන්න හදනවා...
"කල්පයා අරූව නවත්තහන් බන්''
''මොකක්ද කිරියා කරන්න හදන්නෙ ''
''කිරියා කියනවා අර කොල්ලා උට කිස් එකක් දුන්නොත් අයින් වෙනවලු ඕයි...එතකන් යන්නෙ නෑලු''
''උට ඕන විදිහට නටන්න මේක උගෙ තැනක් නෙමෙනේ''
''අඩෝ කල්ප නැවතියන්''
කිරිය කියන්නේ මට ඉස්සර ඉදන් වැඩිය පෙන්නන බැරි චරිතයක්...උගෙ පුලුවන්කාරකම් පෙන්නලා කෙල්ලන්ව විතරක් නෙමෙ කොල්ලොන්වත් ඌ නටවනවා..වටේ ඉන්න උන්වත් එහාට කරලා මන් කිරියයි අනිත් කොල්ලයි ඉන්න තැනට ගිහින් හිටගත්තා...දෙන්නගෙම අවධානේ මගෙ පැත්තට හම්බෙනකොටයි මන් දැක්කෙ මේ ඉන්නෙ අර කලින් දවසෙ හම්බුණ පිරිමි ළමයා කියලා..ඊයේ රතු ගැහිලා තිබ්බ කම්බුල් දිගේ සට සට ගාලා කදුළු වැක්කෙරනවා...කොල්ලා හොදටම බය වෙලා වගේ මන් දිහා බලන් ඉන්නවා...කිරියා මන් දිහා බලන් හිටපු කොල්ලගෙ නිකටින් අල්ලලා උගෙ පැත්තට හරවගෙන කොල්ලව බලෙන්ම කිස් කරන්න හදද්දි කොල්ලා තදටම ඇස් පියා ගත්තේ අකමැත්තෙන් එහාට ගන්න ගමන් ...