PART 05

148 29 19
                                    

Nursery Teacher..
YIZHAN VERSION










සේහා...දෝනී.. ආ කියන්න.. කෝ.. කන්නකෝ...

එපා මට...🥺🥺

කෝ ඉතින් තව චුට්ටෙන් අපි පන්තියට යන්නත් ඕනානේ... ඒ නිසා කටවල් තුනක් කන්නකෝ මැණික..

එපා.. එපා.. අනේ බාප්පී ඕනේ...

ඉතින් අද එයා එනවනේ.. ඇත්තමයි ආවාට පස්සෙ ඔය මිනිහගෙ ඔලුවෙ කෙස් ටික ගලවනවා මම.. මේ කෙල්ල රෑට නිදාගන්නෙත් නෑ.. කන්නෙත් නෑ.. හෝන්දු මාන්දු වෙලා වගේ ඉන්නේ.. වරකො අද ගෙදර..

ජාන් කෑම පෙට්ටියත් මේසේ උඩට දමලා ඇරලා කේන්තියෙන් කියද්දි නම් සේහාගෙ කටත් නිකන්ම ඇරිලා බයටම..

අන්නේම.. ඔක්කොම කන්නෝනේ.. මහලොකු පොලිස් කාරයා ආවාවෙකො ගෙදර.. තට්ටෙ පලලා කොට්ට මහනවා මම..

ආපූ.. බාප්පී පව්...

ඇයි..

නිකන්...

බෙරි වෙච්ච මූණෙන් කෙල්ල අහක බලා ගත්තේ කටේ බත් ගුලියකුත් ඔබාගෙන.. කෙල්ලට යීබෝ නැතුව දැන් නම් පිස්සු හැදෙන්න ඔන්න මෙන්න ඉන්නේ...

යීබෝ  ගියා කියලා එදා උදේ දැනගත්තම ගේ දෙවනත් වෙන්න අඩලා ජාන්  තමයි අමාරුවෙන් කෙල්ලව නලවා ගත්තේ.. ඒත් වැඩක් නෑ සැරින් සැරේ අඩනවා.. කෝල් ගන්නත් බෑ.. යීබෝගේ  ෆෝන් වැඩ කරන්නෙ නෑ.. ඉතින් රෑ තිස්සේ කෙල්ල අඩද්දි යෙන්ග්මීට නම් ජීවිතේ එපා වෙලා හිටියේ..

යෙන්ග්මී ගැන හිතලම ජාන්  සේහාව සම්පූර්ණයෙන්ම බාරගත්තා.. ජාන්  පවා කෙල්ල එක්ක නිදාගත්තේ යීබෝගේ  ඇදේ..

දන්න සෙල්ලම් ඔක්කොම දාලා කෙල්ලව නිදි කරවලා ජාන්  නින්දට වැටෙද්දි හැමදාම රෑ 12නම් පහුවෙලා... ඉතින් ජාන්ට යීබෝව  මතක් උනා..

විරිත්ත විරිත්ත විකාර කියව කියව පස්සෙන් එන යීබෝව නිතරම ජාන්ට  මතක් උනා.. කෙල්ල යීබෝගේ  ෆොටෝ එකක් බදාගෙන අඩ අඩ නිදා ගද්දි ජානුත් ඒ ෆොටෝ එක අතගෑවා...

ඔයා ඉක්මනින් එන්නකො ගගා.. ගෙදර ගොඩාක් පාලුයි ඔයා නැතුව...

 ℕUℛЅℰℛᎽ ᏆℰᎯℂℋℰℛ                                                    YIZHAN ✓Where stories live. Discover now