PART 02

191 37 25
                                    

NURSERY TEACHER..
YIZHAN VERSION 









හෝව් හෝව්.. ඔතන නවත්තන්න අයියෝ...

හරි හරි ඉවසන්න මදක්..

ඉවසන්න බෑ.. චූටි චීච ඇවිල්ලද දන්නෙත් නෑ.. හූම්..

චූටී සේහා බෑග් එකත් එක අතකට එල්ලන් වතුර බෝතලේ යීබෝගේ  අතක පටලලා කාර් එකේ දොර ඇරලා පැන්නා එලියට.. යීබෝත් ඉක්මනින් අනිත් පැත්තට ඇවිත් සේහිගේ අතින් අල්ලගෙන පයින්ම ඇතුළට යද්දි යීබෝගේ  ෆෝන් එකත් රින්ග් වෙනවා ඒ අස්සේ..

මන් මේ හූණී කිව්වා වගේ බාප්පී කියන්නේ.. දැන් අපේ මමා අරන් යැයි යැයි කිව්වේ නැත්තන් මන් මගේ මේන් මේ කන හරිද.. චුස් ගාලා කපලා දානවා...

පණ්ඩිත කෙල්ල කියවද්දි යීබෝ  ෆෝන් එක අතට අරන් ඔලුවේ අත ගහගත්තේ කෙල්ල දිහා බලාගෙන.. කෙල්ල කිව්වා ටක්කෙටම හරි ඉතින්.. මේ කෝල් කරන්නේ යෙන්මී...

යැංසී පුංචි ඇවිත් ඔයාට බඩ යනෝ කිව්වද දල්ලෑ..

ආ කමක් නෑ.. අපි ආන්සර් නොකර ඉමූ...

ඒකනී.. මේ අපි චූචී චීචව සේප් කර ගමු අයියෝ...

හා හා යන්.. පොලිස් වැඩ්ඩෙක් උන මට ඔයාගේ චීච නිකන් සිප්පි කට්ටක් විතයි කෙල්ලේ....

යීබෝ කෙල්ලව ඇදන් යද්දි කෙල්ල යීබෝට විරිත්තුවේ දැන් ගිහින් චීචගෙන් ගුටි කන්න බාප්පි කියලා හිතින් කියන ගමන්මයී... මොකද අලුතින් ආව ටීචර් බෝයී නම් ටිකක් වසයී..

කෝ ඔයාගේ පන්තිය...

පන්තියට යන්න කලින් චීච හම්බෙලා යන් අප්පා...

ම්ම්.. කොතන්ටද දැන් යන්නෝනේ..

ආන්න අතන්ට..

සේහී අත දික් කරලා ස්ටාෆ් රූම් එක පෙන්නද්දී යීබෝත් ඒ පැත්තට ගියා කෙල්ලවත් එක්කගෙන... හැමදාම ගේට් එක ලගින් කෙල්ලවයි යෙන්මිවයි දාලා ගියාට යීබෝ මේ මොන්ඩිසෝරිය ඇතුළට ආව පළවෙනි වතාව.. ඉතින් යීබෝ  මේ විස්තරේ ගැන වැඩිය දන්නෙ නෑ..

ආන්න ඉන්නෝ චීච..

කබඩ් එකක යට තට්ටුවක මොනවාදෝ අසුරන ගමන් පිටිපස්ස හැරිලා ඉන්න කොල්ලෙක්ව සේහී පෙන්නද්දි යීබෝ කෙල්ලගේ අතිනුත් ඇදගෙන ගිහින් ඒ ටීචගේ නම තියෙන මේසේ ළගින් හිට ගත්තා..

 ℕUℛЅℰℛᎽ ᏆℰᎯℂℋℰℛ                                                    YIZHAN ✓Where stories live. Discover now