.......... 21 ............
මහත්තයා හිටියේ කේන්තී යෙන්... ටිකක් නෙවයි ගොඩක් කේන්තී ගිහිල්ලා ඒ ඇස් පුදුම විදියට රත ගහලා... අපේ අම්මා දිහා බලාගෙන වේවුලනවා...
"මේක වුනේ..... ඇයි කියලා ඔයා දන්නවා ඇති නේද..... පුංචී අම්මේ ... හිතුවක්කාර කම..ඉහටත් උඩින්....මං අමු අමුවේ පැහැදිලි කරන්න ඕන කියලාද කියන්නේ ආහ්්.... මට තවත් මේ දේවල් හංගන් ඉන්න ඕන නෑ අල ගිය තැන් මුල ගිය වැල් එතුනු තැන්...මට අදලා නෑ... මොක කියුවත් මං සුදු..ව අත අත අරින්නේ නෑ හ්...නෑ කියන්නේ නෑ කියන එක..."
" ලොකු... පුතු..."
අපේ අම්මා එයාට ලොකු පුතු කියුවා...
"මට... මෙව්වා තවත් අමාරැ කරන්න එපා පුංචී අම්මේ... මං පැහැදිලි ව කියුවා... එදත්...අදත්...කියන්න තියෙන්නේ ඒ දේම තමා... "
මහත්තයා ඒ කතා කරපු දේවල් එක්කලා...මට ඒ කියපු දේවල් තේරැම් ගන්න බැරිව.. මාව නින්ද කට වැටෙනවා වගෙ දැනුනා... .. මං මගේ ඇස් ඇරල බලද්දි...ගොඩක් රෑ වෙලාද වටපිටාව කට්ට කරුවල වෙලා තිබුණා....මට කෙලින්ම බැලුනෙ උඩ මොකද වෙනදා පරිසරය නෙමෙයි එතන තිබුනේ සුවඳත් වෙනස්...මං ඇස් පාරකවල බලද්දි...මට තේරුණා මං ඉන්නෙ hospital එකක...
කියලා... මං හෙමිට නැගිටින්න බැලුවත් නැගිටින්න බෑ ආයෙමත් මාව නිකං කැරකෙනවා වගේ වටේ තියෙන බඩුමුට්ටුත් කැරකෙනවා ඒක නිසා දැනුන අපහසුවත් එක්ක මං එහෙම්ම කොට්ටට හාන්සි වෙලා අන්තිමට මට මතක් උනේ....මං වැටෙන්න කලින් මහත්තයා අපේ අම්මට පුංචි කියනවත් අපේ අම්මා එයාට ලොකු පුතා කියනවා විතරයි මට මතක... එත් ඒක කොහොමද වෙන්නේ...මහත්තයයි අපි හම්බුනේ අහම්බෙකින්...එතකොට අම්මා ගෙදරින් පැනලාව කියල කිව්වේ එතකොට ඒ පැනලා ඇවිල්ලා තියෙන්නේ මහත්තයලගේ මහා ගෙදරින්ද...මට මේවා කල්පනා කරද්දිත් ඔලුව කැක්කුමයි.... මගේ ඔලුව පුපුරන්න ආවා...එතකොට මහත්තයයි මමයි සහෝදරයෝද...අපේ අම්මා ට මහත්තයා පුංචි කියල කතා කරන එකේ තේරුම මහත්තයා ගෙ අම්මගේ නංගි අපේ අම්මා කියන එක නේද.....මහත්තයා මේ ගැන කලින් දැනගෙන හිටියවත්ද.... දොර ඇරගෙන කවුරුහරි ඇතුලට ආවා...ඒ අර ගොළු මකරා...මට එයාගේ සුවඳින් අදුරගන්න පුළුවන් එයාව දැක්කේ නැතත්... එයා ගාවින් එන්නේ අමුතුම සඳුන් සුවඳක්.... මට ඒ සුවඳ විස්තර කරලා කියන්න තේරෙන්නේ නැහැ.. හැබැයි ඒ සුවඳට නිකන් මාව ඇදිලා යනවා වගේ දැනෙනවා..... මං කොච්චර හිනා වුනත් ඒ මනුස්සයා නෙවෙයි මාත් එක්ක වචනයක්වත් කතා කරන්නේ....මං දවස් ගාණක් කතා කරා... ඒත් එයා ඇහෙන් නෑ වගේ යනවා.... අචාර්ය මහාචාර්ය පට්ටන් හින්දා වෙන්න ඇති ඔය ගෑස් දාන්නේ අපිට...උය යක්කු කොහොමත් කතා කරන්නේ නෑනෙ වැඩිය..තනිකර ම ඇවිදින Library වගෙ... දැනුත්.. මගේ රූම් එකට ආවත් සද්දයක් නැතුවම ඉන්නවා.... එයා මොනවා හරි ලියනවා...මට එයා ලියන සද්දෙ..ඇහෙනවා... මම සද්ද නැතුව නිදි වගේම හිටියා...එතකොටම තමයි මට දැනුනේ තව කෙනෙක් ඇතුලටම එනවා.... ඒ අවේ අම්මා එයාගේ ඔඩිකොලොන්.. සුවඳින් මට එයාව අදුර ගන්න ගන්න පුළුවන්...එයා ගිහිල්ලා කබඩ් එක ඇරලා චාරස් චරස් ගාලා ගබඩ් එක ඇරලා මොනවා හරි ඇතුලට දාලා වැහුවා... විනාඩි ගානක් ගිහිල්ලා අර මනුස්සයා කතා කරා අපේ අම්මට මං හිතුවේ ඒ මනුස්සයා කාත් එක්ක වත් කතා කරන්නේ නෑ කියලා... එයාගේ කටහඬ ලගට ඇහිච්ච පළවෙනි පාර... මේක එය කටහඬ හරිම ගොරෝසුයි.... හරි පරිණතයි...
YOU ARE READING
⫸Oᴠᴇʀ Dᴏsᴇ⫷ [අධි මාත්රා ]
Acciónත්රස්තවාදී අහිංසක පට්ටම් දරණ කොයි වෙලත් රතුවෙන ඡම්බොලයක්....එක්ක අනන්ත දුක් විදින ගිණි පිබිණ මකරාගෙ ආදර කතාව යුවී ❤️ශෙනු