මගුල් ගෙදරකට යන්න වගේ ජැන්ඩි පහට ඇදගෙන පැටව් දෙන්නත් ලෑස්ති කරගෙන අපි ආවේ මොන්ට සෝරියේ උත්සවේට. දිනූ නම් ඇවිල්ලත් ඇති. කොහෙද ඉතින් මයෙ චූටි අප්පච්චි ලෑස්ති වෙන්න හැට පැයක් යනවනෙ.
" අලේ අප්පත්ති.... පතියදේ පපු සිදෙනෝ වදේ නෙ තුත්තක් විතල.... "
" ඒ මොකෝ ඒ..... මේ රාහුලුයි මාලි පැටියයි යසට ඉන්නෙ. චූටි අප්පච්චි මායි ඉස්සරහම තමයි වස්තු ඉන්නෙ. චුට්ටක් වත් බය වෙන්න එපා "
කොල්ලට හැට හුටහාමාරක් කියලා තමයි මන් නිලූෂ එක්ක ඉස්සරහ පෝලිම් ටිකට ඉද ගන්න ආවේ. අප්පේ මෝල්සතත් ඇවිල්ලා තියෙන්නේ. මයෙ අයියා නම් වයස ඇත්තෙම නෑ. ඒවුනාට මේ දෙන්නා ගැලපෙන්නේ නෑ. අප්පච්චියි පුතයි වගේනෙ. මයෙ කොල්ලා නම් මටත් වඩා ලොකු හින්දා අපි දෙන්නා එහෙම පේන්නෑ. ගයාන්ගෙ පෙනුමක් ඇත්තෙම නෑ. රූපේ විතරයි ටිකක් හරි ලස්සන. මන් අපේකාට කට පුරාම හිනා වෙලා මන් දිහාම ඇසුත් ලොකු කරන් බලන් ඉන්න මෝල්සතාටත් හොද වයින් දෙකක් ඔරවලා උගෙ එහා පැත්තේ තිබ්බ හිස් පුටුවෙන් අකමැත්තෙන් වුනාත් වාඩි වුණා. හරියටම අපි දෙන්නට පුටු දෙකයි ඉස්සරහ පෝලිමේ ඉද ගන්න තිබ්බේ. මයෙ මනුස්සයව මේකා ළගින් තියන්න බැරි නිසා නිලූෂව ජනේලේ දොර අයිනට දාලා මන් මැද වාඩි වුණා. ඊට පස්සේ මන් මයෙ පපුව තව පොඩ්ඩක් පේන්න බොත්තමකුත් ඇරියා . මයෙ දළ දෙකෙ මාලෙත් හරි ලස්සනට පේනවා එතකොට. මයෙ චූටි අප්පච්චි හා හා පුරා කියලා ආදරේට ඉස්සෙල්ලම අරන් දුන්නු තෑගී පොඩ්ඩ. මයෙ පපුවට ගැළපෙනම මාලේ.
" හාමු ඔතන ඉන්න කැමති නැත්තම් මේ දොර ළගට එන්න වස්තු "
" අනේ මේ ඕයී තමුසෙට මෙතෙන්ට එන්න පුදූම අමාරුවක් වගේනේ තියෙන්නේ "
" එහෙම මගුලකට නෙවෙයි කිව්වේ. ඔයා පොඩ්ඩක් මස්සිනා එක්කලා තරහයිනේ ඒකයි "
" කමක් නෑ මයෙ චුට්ටන් අප්පච්චි ඔතන ඉන්නකෝ "
කාටවත් පේන්නෙ නැති වෙන්න මයෙ කොල්ලගේ පස්සත් හයියෙන් මිරිකලා මන් ඉස්සරහ බලා ගත්තෙ අපේ අයියාකාරයටත් බැල්මක් දාලා. මාව මෙතන බොරුවට අවුස්සනවා.
YOU ARE READING
අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -