Part 02 🥀

111 13 1
                                    

උදෙන්ම නැගිට්ට මම කෙලින්ම ගියේ කුස්සියට කට හෝදගෙන කිරි එකක් බොන්න.කිරි එක හදන්න වතුර උණු වෙන්න තිබ්බ මම කුස්සියෙන් එලියට බැහැලා දත් මදින්න ගත්තා.

සීතලයි....

කුස්සියෙන් දත් මදින්න එලියට බැහැපු මට පලවෙනියටම දැනුනේ සීතලක්.වටපිටාවේ කළුවරයි කට්ට කළුවර නෙමෙයි අඩ අන්ධකාරයි තව ටිකකින් ඉර පායනවා.මොකද එහෙන් මෙහෙන් ඉර එළියත් අහස පාට කරන හැටි මගේ ඇස් වලට අහු උන හින්දා.

දත් මැදලා ඉවර කරපු මම එළියේ තියන පුංච් ටැප් එකෙන්ම කට හෝදගෙන ඇතුලට ආවා.මම කුස්සියට එනකොටත් කිරි හදන්න කියලා ගෑස් එකේ තියලා ගිය කේතලේ රත් වෙලා අඩන ගමන් උන්නා.උදෙන්ම නැගිට්ට ගමන් මට කිරි එකක් ඕන.නැත්තම් දවසම කෑවේ නැහැ වගේ තමා.ඒ හින්දා උදෙන්ම නැගිට්ට මම දත් විතරක් මැදලා කිරි එක හදාගෙන බොනවා සමහර දවස් වලට දත් මදින්නෙත් නැහැ කට හෝදනවා විතරයි ඉතිං,නෙස්ටමෝල්ට් එකක් විතරක් හදාගෙන බීපු මම කාමරේට ආවේ උදෙන්ම නාගන්න.දැම්ම නෑවොත් මිසක් ආයේ නාන්න වෙන්නේ නැහැ මොකද මම එද්දී රෑ වෙනවා හිතුනොත් Night අදිනවා.

මම ඊළගට කල්පනා කරේ අද Night අදිනවද නැද්ද කියලා.ඊටපස්සේ ඒක ඒ වෙලාවට හිතනවා කියලා හිතපු මම ඇද උඩ තිබුණ මගේ ෆෝන් එකත් අරගෙන කාමරේට සෙට් කරලා තිබුණ ඇටෑච් බාත්රූම් එකට ආවේ උදෙන්ම නාගන්න

බාත්රූම් එකේ තැනකින් ම මම ෆෝන් එක තියලා හින්දි සින්දුවක් ප්ලේ වෙන්න දැම්මා. ඊටපස්සේ ශවර් එක ඇරගත්තා සීතලම සිතල වතුර බින්දු මගේ ඇග දිගේ පල්ලම් බැහැන් ගිහින් මුළු ඇගම තුරුලු කර ගන්නකොට ඒකෙ කෙල්ල නටනවා වගේම නටන්න ගත්තා

නෑ...ඊටත් අන්ත විදිහට...


පිස්සු හැදිලා වගේ නටපු මට ශවර් එකෙන් එන වතුර වල සීතල ඇත්තටම මතකම නැති උනා...

සීතල වතුරෙන් නාපු මම ඉනට තුවායක් පටලවගෙන අල්මාරිය ළගට ගියා.අල්මාරියේ දොර ඇරලා මං කල්පනා කරේ අද වැඩට ඇදන් යන්නේ මොකක්ද කියලා.එතකොටම මගේ ඇහැ ගියේ අල්මාරියේ අයිනට වෙන්න නවලා තිබ්බ සුදු අත් දිග ෂර්ට් එක දිහාට.

Fallen with you ?? (COMPLETED)Where stories live. Discover now