Part 03 🥀

104 13 3
                                    

මං බලන් හිටියේ එයාගේ රිපෝට් එක දිහා එයාට ටිකක් දැන් සුවයක් තියනවා ඒත් සතියක් එකහමාරක් හොස්පිටල් නැවතිලා ඉන්න වෙයි.මට දැනුනා තාමත් එයා මං දිහා බලන් ඉන්නේ කියලා මං ෆයිල් එකෙන් ඇස් අහකට අරගෙන එයාගේ මුණ දිහා බැලුවා ඔව් මං හරි එයා උන්නේ තාමත් මං දිහා බලාගෙන මං ඒ ඇස් දිහා බැලුවා වැඩක් නෑ ඒ ඇස් ගැබුරටම බැලුවා වැඩක් නෑ ඒ ඇස් වල කිසිම හැගීමක් නෑ

නපුරු පාටයි....

මං හිතින් මටම මුමුණ ගත්තා.අනේ මන්දා එයා එහෙම ඉන්නකොට නපුරු පාටයි.යකෙක්ද මන්දා ඇයි ඉතින් මනුස්සයෙක් උනාම හිනා වෙනවා නෙහ් ඒත් මෙයාගේ මුහුණේ හිනාව කියලා නාමයක් නැහැ.

මං එයා දිහා බලලා ටිකක් උගුර පෑදුවා උගුර පාදලා ඊළගට හිමින් කතා කරන්න ගත්තා.

කොහොමද දැන් ඔයාට...

ටිකක් හොදයි..ඒත් ඔලුව රිදෙනවා..බරයි වගේ..

ගණන් ගන්න එපා ඒක සාමාන්‍යයි.හැබැයි ඔයාට ටිකක් පරිස්සම් වෙන්න වෙයි මොකද ඇක්සිඩන්ට් එක වෙච්ච වෙලාවේ ඔයාගේ කොන්ද ඩැමෙජ් වෙලා.ඒක ටිකක් රිකවර් වෙන්න ටිකක් දවස් යාවි හැබැයි බය වෙන්න එපා ඔයාට ඇවිදින්න කරන්න පුළුවන් ඒත් එහෙමයි කියලා බර වැඩ කරන්න යන්න එපා ඒක කොන්දට හොද නැහැ ඒ හන්දා පරිස්සම් වෙන්න.

මං කිව්වේ ආයේ පාරක් එයාව හොදට චෙක් කරන ගමන්

මට එතකොට යන්න පුළුවන් කවදටද ඩොක්ට..ර්

රිතුල් මං රිතුල් ආකාශ්..

Ok Doctor රිතුල්

ඔයාට තව සතියක් එකාමහරක් හොස්පිටල් එකේ ඉන්න වෙයි තාම හරියට සනීපයක් නැති හින්දා..

ම්ම්ම්ම්.....

ම් හරි එහෙනම් මං දැන් යන්නම් මිස්ටර්..

සෙහස්න මින්සද

මිස්ටර් සෙහස්න.. එහෙනම් මං දැන් යන්නම්.. මිස්ටර් සෙහස්න ඔයා තව ටිකක් රෙස්ට් කරන්න.

ම්ම්.....

මං එයාට යන්නම් කියලා එන්න හැරුනා.දොර ළගට ඇවිත් හැඩල් එකට අත තිබ්බා විතරයි ආයේ පාරක් එයා මට කතා කලා මං මගේ බෙල්ල හරෝලා එයා දිහා බැලුවේ ඇයි කියලා අහන්න

Fallen with you ?? (COMPLETED)Where stories live. Discover now