මං නැගිට්ටේ මගේ මුණට දැනුන සීතල ස්පර්ශයත් එක්ක මං හිමීට එක ඇහැක් විතරක් ඇරලා එයා දිහා බැලුවා.එයා මගේ මුණට හාදු තියනවා.එයාට ඕන එකක් කරගන්න දීලා මං ආයේ එයාගේ පපුව උඩට ඔලුව ගහගත්තා.
අදට සතියක්. අදට සතියක් එයා හොස්පිටල් එකේ නැවතිලා මේ සතියම ඒ හන්දා Night ඩියුටි කලා ඒ හැමදාකම පැයක් හරි එයා එක්ක නිදාගන්න එයා හිටපු රූම් එකට ආවා.එයා එක්ක නිදාගත්තා.නිදාගත්තා කියන්නේ මං හිටියේ එයාගේ ඇද උඩ.මොකද තනි කෙනෙක්ට හැරෙන්න පෙරලෙන්නවත් බැරි ඇදේ කොහෙද අපි දෙන්නෙක් නිදාගන්නේ.ඉතින් හැමදාම මට නිදාගන්න උනේ එයාගේ ඇද උඩ.
එයාට දැන් හොදටම හොදයි ඒත් මේකා දවස් දෙකක් විතර වැඩිපුරත් එක්ක හොස්පිටල් එකේ නැවතිලා හිටියා මොකද මං නිසා මාත් එක්ක ඉන්න ඕන හන්දා. අද තමයි එයාගේ ටිකට් කපන්නේ අනේ මට දුකයි මං කොහොමද එයාට යන්න දෙන්නේ මේ ටික දවසට මං මටත් වඩා එයාට ආදරේ කරනකොට.
ආදරේ කියන්නේ මාත්‍රාවක්..
නියමිත ප්‍රමාණයට ගන්න ඕන.
වැඩිපුර ගත්තොත් මොනවා වෙයිද කියලා අපි කාටවත් කියන්න බෑ...."සමහරවිට එකේ අවසානය මරණය වෙන්නත් පුළුවන්."
එතකොට මට.... එයා මට දැන් අධිමාත්‍රාවක්.... සෙහස් කියන්නේ මට දැන් එක්තරා විදියක මායාවක්.තව තවත් ඒ මායාවම ඕනි කියලා හිතෙන... මං එයාට ආදරේ මෙච්චරක් කියන්න බැරි තරමට මං එයාට මහ හුඟක් ආදරෙයි.
කොටින්ම එයාගෙන් වැටෙන හුස්ම පොදට පවා මං ආදරේයි.ඒවගේම මං හුඟක් ලෝබයි.. එයාගෙන් ගිලිහෙන හුස්ම පොඳට පවා මං හරි ලෝබයි.. ඉතින් එයා කියන්නෙම මට පිස්සුවක්.
ආයේ කවමදාකවත් හොඳ කරන්න බැරි පිස්සුවක්.මට කවදාවත්ම හොඳ කරගන්න ඕනෙත් නැති...සෙහස් හරි ආදරණීයයි. මං ඔයාට කියනවා සෙහස් කියන්නෙම වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම ආදරණිය මනුස්සයෙක් කියලා....
මං තව ටිකක් ඒ පුලුවන් අස්සට ගුලි වුණා. බුලි වෙන්න කියලා ඉඩ නැති උනත් මට ඕන වුණේ තව ටිකක් එයාට තුරුල් වෙන්න. තව ටිකක් එයාගේ අස්සට යන්න. මට දැනුනා එයා මගේ ඉනවටේ අත ඔතාගෙන හිටිය පිට දිගේ අත උඩට පහළට අරගෙන යනවා... සනීපයි...
YOU ARE READING
Fallen with you ?? (COMPLETED)
Romanceආදරණිය හමුවීමක්ද, නැවතීමක් ද නොදනී ආදරේ මග සොයා යාමකී