සෙහස් pov
හැබැයි දුක් වෙන දවසක් ආවා ඒ රිතුල් රට යන දවස.
රට යන දවස... ✈️🛬
අද තමයි මගේ දුකම දවස
සතියක් එහෙම ගෙවිලා යද්දී රිතුල් රට යන දවස ආවා. එයා රට යන්න කලින් ගොඩක් දේවල් ප්ලෑන් කරලා තිබ්බට රිතුල්ගේ තාත්ත නිසා ඒවා නවත්තන්න වුණා.හදිසියේම රිතුල්ගේ තාත්තත් එයාර්පෝට් එනවා කිව්ව නිසා. රිතුල්ට අම්මයි නංගි එක්ක එයා පෝර්ට් එන්න කිව්ව නිසා එහිදී තාත්තා එන්නම් කියලා කිව්ව නිසා මඟදී එයාව හම්බවෙන්න චෙනුකයි මායි බයික් එකේ ආවා. මඟදි රිතුල්ව හම්බවෙලා එයාගේ නළලට කිස් එකක් දීලා එයාට ගියාට පස්සේ msg එකක් දාන්න කියලා අම්මටත් වැඳලා මං චෙනුක එක්ක එයා යනකන් පාර දිහා බලන් හිටියා. මට ඕනේ වුනේ airport එකට යන්න උනත් රිතුල්ගේ තාත්තා නිසා මට අන්තිමට පාර බලාගෙන ඉදලා ගෙදර එන්න වුණා.
එයා ගියාට පස්සේ මට හිතාගන්න බැරි උනා එයා නැතුව මන් කොහොමද ඉන්නේ.අම්මලත් එයාව airport එකට දාලා මෙහෙ ආවා අම්මයි නංගි විතරයි තාත්තා ගියාලු.
අම්මා ඔයාලා මොකද මෙහෙ
ඇයි අපි එන්න එපාද
"කවුද එහෙම කිව්වේ එන්න ඇතුලට. මං තේ එකක් හදන් එන්නම්."
මචන් උබ කතා කරහන් මන් හදන්නම් කියලා චෙනුක ගියා.
"පුතේ අපේ පුතා ගෙදර යතුර ඔයාට දෙන්න කිව්වා එයා එහෙ නිසා."
අම්මලා මෙහෙ එද්දී කියන්න මන් යතුර දෙන්නම්.
හා පුතේ. පුතත් රට යන්න බලන්න අපේ මහත්තයා මොනා කරයිද කියලා දන්නේ නැහැ ඔයාලා බැන්දොත් එයාට මුකුත් කරන්න බැහැ නෙහ්.මගේ පුතා ඔයාට හුගාක් ආදරෙයි.
YOU ARE READING
Fallen with you ?? (COMPLETED)
Romanceආදරණිය හමුවීමක්ද, නැවතීමක් ද නොදනී ආදරේ මග සොයා යාමකී