මගෙ අන් පවා අගුල් වැටිලා ගියා ...උදේ හවා ඈතින් දකින අඩි පහ දහයක දුර තියලා දකින ඒක දන්තයා......
මම තනිකරම කළු කූඹියෙක් නම් ඒක දන්තයා තනිකරම රූස්ස ගහකට සමාන උනා......
කහ ඇස්.....ඇග පුරාවටම ගහගත්ත දූවිලි පාර......තවමත් මල්වර නොවුන නැගගන එන ඉරේ එලිය .........වේලුම් කාපු ඉලුක් කැලෑව තනකොල බූටෑව ආර සර සද්දෙන් හොලවාගන හීනියට උඩුහම් ගහන් යන හුලන් රැල්ල ........මේ ඔක්කොම එක්ක මං උන්නෙ තනිකරම හිට්පිලිමයක් හා සමානව වෙනකොට අරකා සැරයක් පිම්ඹා......දෙසැරයක් පිම්ඹා..........ඉස්සරහට යන්ඩද ...පස්සට බඩගාන්නද ...
දෙවියනෙ මමවත් නොදන්න වෙලාවක කවුරු හරි මගෙ බලනහරෙ මැදට ගැටයක් දලා කකුල් කෙටි දෙකේම පන ගිහිල්ලා........
උරහෙ උඩ මල්වර උන නංගි.......කිලිටි ලේ කුයිලෙ උඩුගම් යනවද.. ..ඒකගෙ නාහෙට දැනෙනවද....ඒත් නැතිනම් මිනිස් පුලුටෙ ඉව විතරක් දැනෙනවද....
මං දන්නෙ නැ දෙයි හාන්දුරුවනෙ.....පාර ගහයිද උස්සලා පොලවෙ ගහලා පාගයිද ඔලුවෙන් තද කරයිද.....මට හිතාගන්න බැරි උනා.....
ඒකා කන් වනනවා.....කකුල් හතරටම යටින් පස් වෙනි කකුල මහපොලවට අගලක් දෙකක් උඩහින් නලියනවා....කෙනරක් නැතුව ඒකට නුරාව ඉහවහ ගිහින් යක්සාවේසෙන් පාර පිට පාර දූවිලි අහුරු අහුරු ඇගට ගහ ගහ ඒක දන්තයා කන් වනනවා.........ආයම පැද්දෙනවා....
ඒකා ඉස්සරහට ආවොත් මාව චප්ප කරනව....
කරේ ඉන්න කෙල්ලව ඉලුක් කැලෑවට වීසි කරලා දැම්මයින් පසෙ මාව චප්ප කරනව නම් චප්ප කරපන් ඒක දන්තයො.......
මගෙ යටි හිත මගෙ බහෙන් ඒකට යදින මොහොතක කරේ උන්න කෙල්ලව මගෙ ඇස් වලින් කිල්ලට අහු උනාට වෙන කිලිවලට අහුවෙන්න දෙන්න හිතක්ම නැති මං මගෙ කුයිලෙ රැදුන සරම් ගැටෙටිකින් ටික බුරුල් කරන්න ගත්තා.....
YOU ARE READING
පුරහඳ කළුවර...
Fanfictionඋඹ දැන් ඉන්නෙ සත්මහල් ප්රාසාදෙක.... මං ඉන්නෙ වියලි කලාපෙ මැටිගෙදරක.... උඹට මං දුන්න පලවෙනිම හාදුවෙ රස්නෙ තවම අර හර්ස් එක ඇතුලෙ... මං තවමත් අහන්නෙ ආකාස.....මාව උඹට ගැලපෙනවද....? හ්ම් හුගක්....මන්දාරම් හෙට දහයෙ කනිසමෙන් මං මගෙ ආදරෙ මේ රටටම කියන්නද?ම...