09

1.8K 382 808
                                    

මං උන්නෙ සමුපකාරෙ ඇතුලෙ......සමුපාකාරෙට ඇතුල් උන කලාත්ම හාමු ගෙ අලුත් මූනුවර දිහාව විතරක් බලපු සමුපකාරෙ මහත්තයා හාමුට විතරක් හිනාවක් දීලා  බේබිට පිට්පස්සෙන් ආව මා දිහාව බලලා රවාගත්තා....හරියටම උඹත් මේ අලුත් මහත්තයා පස්සෙ ආවෙ ඒ මහත්තයටත් වින කරන්නද වගෙ බැල්මක් ඒ ඇස් වල ලියවිලා තියනකොට අනෙ මං කරබාගෙනම ඇතුලට ගියා.........අපිට කවදද හිනාවක් කැප.....රැවීම විතරක් කැප ජීවිතේකට අනුන්ගෙන් කියලා හිනාවක් ලැබුනා නම්....අමාවකට පායන හදක් වගේ තමයි..........

මං නෙවෙ ආයම ඔලුවක් ඉස්සුවෙ......ඕන කරන ජාති දන්න මන සමුපකාරෙ ඇතුලෙ පරිස්සමට එහා මෙහා ඇවිද්දා....හොදද නරකද කියලා ආය අතකින් අල්ලලා වත් බලන්ඩ ගියෙ නෑ....වෙනමොකටවත් නෙවෙ කෑලි කීයකට බිදුනද කියලා හොයන්න බැරි හිත අස්සෙ අවුරුදුගානකට උඩින් ඇනපු පිහිපාරවල් වල තුවාල පවා තවම ලේ හලන ගමන් උන්න හන්දා.......

ඔය ගන්න ජාති විතරක් අතපත ගාපන් ගන්නෙ නැත්තන් ඇස්වලින් විතරක් බලලා පලයන්.....ඔව්වා ඉතුරු උනොත් ආය මොක්කු ගන්නව කියලද....??

මීට දෑවුරුද්දකට ඉහතදි ඔය මහතැනම ආසාවට ගත්ත විස්කෝතු පැකට් එක ආපිට තියනවා දැකලා කියපු කියුමක් ඔය තියෙන්නෙ ..කිව්වට විස්වාසකරපල්ලා ඒ ඇනපු පිහිපාර තවම අමුවට මගෙ පපුව හාරවනවා......

මන් බලාගන කලාත්ම හාමු කැරකෙනවා........පවුඩර් ටින් එකක් අරගන්නවා....පුසුඹ ඉවකරලා බලලා ආපිට නහය අකුලගන්නවා.....මයෙ හිතෙ බේබිට ඔය පුසුඹ සැර ඇති............මං ඔය සැර නැතිජාති ගැන නම් මෙලෝපන් දෙයක් දන්නෙ නෑ...මොකද මලකදන් වලට ගහපු ෆෝමලීන් සැර යන්නයි මිනි කුයිලෙ මකන්නයි ගෑවෙම ඔක්කොටම වඩා සැර සුවදක් එන පව්ඩර් එකක්....

තතපර දෙක තුනක් කලාත්ම හාමු දිහාව බලාගන උන්න මං අනිත් පාර ළූනු දාලා තිබ්බ තැනට ගියා......ලිපට කරන වෑංජම අඩු උනත් ලොකු ළූනු දෙක තුනක් දාගත්තම පිරිමහන් කන්න පුලුවන් ............

ලූනු අහවර වෙලා...තේරිලා.......තේරිලා දැන් ගන්න තියෙන්නෙ පොතුයි පැලවීගන එන එව්වයි විතරයි....ඔය කිව්වට ගබඩාව ඇතුලෙ හොද ළූනුතියෙයි...ඔව්වා ඉල්ලන්න කට ගහන්නෙ වත් කොහොමද.....අනිත්පාර අනෙ මෙ තියන සමෘදියත් කපලා දායි.......

පුරහඳ කළුවර...Where stories live. Discover now