සමනගෙ අම්මෙ.......අම්මෙ නැගිටපන්....මක්කද උඹල මෙ කරන්නෙ....නැගිටපල්ලා....
මන් අඩි දෙක තුනක්ම පස්සට පැන්නා........වැලමදුල වගෙ උන්න සමනගෙ අප්පවත් පැත්තක දාලා සමනගෙ අම්මා මගෙ කකුල උඩ වැටුන වැටිල්ලට මගෙ පපුව ඉරිලා යන්න ආවා.....
ඒත් උන්දැ නෙවෙ මට මගෙ කකුල් ඒ අත් විලංගුවෙන් ගලවගන්න ඉඩක් තිබ්බෙ.......කොච්චර පස්සට පැන්නා උනත් උන්දැ කෙරුවෙ මගෙ කකුල් වලලුකර ගාවින් අල්ලගන ලෙලිගියපු තැන්වලට නලල ගහන් මුලු කකුලෙම තිබුන ලේ පාරවල් ඇස් බැමි ඉරාගන වැටෙන උනුහුම්ම කදුලු ගුලි වලින් හෝදපු එක....මාව හිට්පිලිමයක් උනා.......
එහාටත් නෑ...මෙහාටත් නෑ...කෙලින්ම මාව ගල් පිලිමයක් උනා...සමනගෙ අම්මගෙ කදුලු තරම් ගින්දර වත් රස්නෙ නැතිව ඇති.....ගිනි කදු පුපුරාගන ගලන ලාවා වත් මේ තරම් ගිනියම් නැතුව ඇති.....
එකිලාට අඩන්නවත් කෝ හයියක්.......ඒකිලාට හූල්ලන්න වත් කෝ හයියක්.........මුලු සර්වාංගෙම තනිකරමදිරාපු ගෝනි පඩංගුවක් ගානයි ...ඒත් ඒකිලා මගෙ කකුල උඩට නලල ගහන් අඩන ඇඩිලි එක්ක මුලු කකුල් දෙකේම ශේශ වෙලා තිබුන පාට මැකීගන ගියත් තවමත් අලුත් කුයිලෙ ගහනලේ බිදිති හේදි හේදි ගියා.....
ඒකට.....ඒකට නයිවිස ගරුඩෙක් විදලා තියෙන්නෙ....මයෙ අම්මා....බොලාගෙ මේ කකුල් වල ලෙලි යනකන් උඹලා දුවලා මයෙ කොල්ලගෙ හුස්ම බේරලා බෙනා...........උඹලා මතු බුදුවෙන්නම ඕන....බෝගහක් නැති නම්...මට පිට දීපන් මට පුලුවන් බුදුවෙල අහවර වෙනකන් උඹට හෙවන දෙන්න..........
දෙපත් කපන මහ වැහි වැහපු දෙන් මට පුලුවන් බුදුවෙලා අහවර වෙනකන් උඹව මුවා කරගන්න.....උඹ දවසක බුදු වෙන්ඩම ඕනා මයෙ අම්මා....
මගෙ නෙවෙ පපුව ගැහුනෙ......
මගෙ නෙවෙ හුස්ම වැටුනෙ.....
මට නෙවෙ නාඩි වැටුනෙ......
එක්කො මගෙ බලනහරෙ මටටත් හොරාවට ෆෝමලීන් බීලා........සමනගෙ අම්මගෙ ඇස් වලින් වැටෙන කදුලු කැට මගෙ කකුල් හෝදනකොට ඒකගෙ අප්පාබිම වැටීගන අත් දෙක එකතු කරන් මක්කවත් නොකියා මා දිහා බලාගන උන්නා....ඒකව ගොලු වෙලා ගිහින්.....
YOU ARE READING
පුරහඳ කළුවර...
Fanfictionඋඹ දැන් ඉන්නෙ සත්මහල් ප්රාසාදෙක.... මං ඉන්නෙ වියලි කලාපෙ මැටිගෙදරක.... උඹට මං දුන්න පලවෙනිම හාදුවෙ රස්නෙ තවම අර හර්ස් එක ඇතුලෙ... මං තවමත් අහන්නෙ ආකාස.....මාව උඹට ගැලපෙනවද....? හ්ම් හුගක්....මන්දාරම් හෙට දහයෙ කනිසමෙන් මං මගෙ ආදරෙ මේ රටටම කියන්නද?ම...