ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න.........
මං නෙවෙ හුස්මක් ගත්තෙ......සින්දුවක් අහමුද අහපු බේබි හාමු මගෙ කනට හිරකරාපු වයර් එක දිගේ ආව සින්දුව එක්ක මට නෙවෙ කතා කරන්න හිතුනෙ........ඒ සින්දු එක්ක කොහොම කියලා නම් දැහැන බිදගන්නද ....
දෙවි හාමුදුරුවනෙ මං මේ සින්දුව අහල තියනවා.....මගෙ ඉහෙ කෙස් ගානට අහලා තියනවා....ඒත් කවදාවත් මේ මොහොත ඇතුලෙ දැනෙන හැගීම් මට දැනිලා තිබුන් නෑ.........
මන්දාරම් මේ ආකාස සෙත් වැහි බිදු මහපොලවට හලන්නම් එනවද තෙමෙන්න.....මේ වචන හැම එකක්ම අයිති එයාට....එයාගෙන් මේ වචන පිට උන හැමමොහොතෙම බරට පිට උන හුස්මවල් හැම එකක්ම අයිති මට.........ඒ හැම වචනයක්ම කියනකොට අනේ ඒ ඇස් මක්කද දෙඩුවා බුදු හාමුදුරුවනේ ......
හදවත පුරාවටම කාන්දු උනත් මොකක්ද කියලා හොයාගන්න ,ලෙහා ගන්න බැරි සංසාරික පුරුද්ද එක්ක අතරමන් වෙලා උන්න මට මේ සින්දුවෙන් දැනෙන හැගීම ඔක්කොටම එහා දරාගන්න බැරි උනා...........මගෙ ඇස් දෙක තිබුනෙ කාට කාටත් වැහි බිදු බෙදුවත් උපන්දා ඉදන් මමවත් නොදන්න වැරද්දකට වෙනස් කම් කරන නිල් අහස දිහාව බලාගන වෙනකොට සුනිල් මහත්තයගෙ කටහඩ ඇතුලෙන් මට කලාත්ම මහත්තයගෙ කටහඩ ඇහෙනවත් එක්කම මං එකපාරම එයා දිහාව හැරිලා බැලුවා.....
කිව්වට විස්වාස කරන්න....මගෙ හදවත උඩට තිස්තුන්දාහෙ විදුලි රැහැනක් කඩන් වැටුනා.....ලා දුඹුරට හුරු දිගැටි ඇස් මහ සද්දෙන් මගෙ ඇස් වල හැප්පුනා....
ඒ ඇස් තිබුනෙ මා ගාව!!
සින්දුව අහගන අහස දිහා බලාගන ලෙහන්න අමාරු හැගීම් ලෙහා ගන්න
දතකන මගෙ ගාව....මං මේතාක් කාලෙකට හිතාගන උන්නෙ මේ සින්දුව කියන්නෙ සුනිල් මහත්තයා තට්ට තනියෙන් කියලා....ඒ කටහඩට කාටවත් අත් වැල් බදින්න පුලුවන් කියල මං හිතුවෙම නෑ....ඒත් ....අද ඒ හැම දේම බිදිලා ගියා....
කලාත්ම හාමුත් සින්දුව කියනවා.......කියනවට වඩා ඒ ඇස් මගෙ ඇස් දිහා බලන් වෙන මොනවද කියනවා....මගෙ පපුව ඇදුම් කනවා.....
විස කටු ඇනී....ආතුරවූ සිතට ඔබේ
ඔබ මට කියා දුන්න
සෙත් කවියක් කියන්න.....
YOU ARE READING
පුරහඳ කළුවර...
Fanfictionඋඹ දැන් ඉන්නෙ සත්මහල් ප්රාසාදෙක.... මං ඉන්නෙ වියලි කලාපෙ මැටිගෙදරක.... උඹට මං දුන්න පලවෙනිම හාදුවෙ රස්නෙ තවම අර හර්ස් එක ඇතුලෙ... මං තවමත් අහන්නෙ ආකාස.....මාව උඹට ගැලපෙනවද....? හ්ම් හුගක්....මන්දාරම් හෙට දහයෙ කනිසමෙන් මං මගෙ ආදරෙ මේ රටටම කියන්නද?ම...