06

2.1K 398 826
                                    

මන්දාරම් ....

කාරි නෑ හාමු මහත්තයා  කාසි එපා...මනුස්සකමට කාසි හිලව් කරන්ඩ බෑ .......

දැන් මං මන්දාරම්ගෙ මනුස්සකමද මේ කාසි වලටහිලව් කරන්නෙ??එහෙමද  හිතාගන ඉන්නෙ......

මං බිම බලාගත්තා.....කාසි වල කතාවක් නෙවෙ..........මං හිතුවා වගේම නවරත්න මුල් ගුරු තැන මා දිහා බලාගන පුපුර පුපුර උන්න විදිහට තව එක මොහොතක්  රැදිලා මේ මහත්තයා එක්ක  කරන්න උපන් ආසාව මරාගත්තා.........මේකවද මුනිච්චි උනෙ කියලා බිමට ගහපු කෙල පාර ඇත්තටම වැදුනෙ බිමට නෙවෙ....

මගෙ ආත්මෙට..........!!

මගෙ ආත්මෙම කෙල වලින් නෑවලා..........මගෙ හදවතම කෙලවලින් පෙගිලා ගිහිල්ලා.....

උදේකට එලි බහින්න දහස් වතාවක් හිතන්න ඕන.....

සුභ කටයුත්තකට යන එකෙක් මගකදි හම්බෙයි කියලා පපුව බය වෙනවා.....දන්න දා ඉදන් මේ කතා අහනවා......

දන්න දා ඉදන් මේ කෙල පාර වදිනවා.....මගෙ ආත්මෙමම කෙල පාරවල් වලින් පෙගිලා ගිහිල්ලා.......මගෙ ආත්මෙම කෙල ගන්දස්සාරෙන් නෑවිලා ගිහිල්ලා....

මං එන්න හැරුනා.....පියුම් හාමුත් කලාත්ම හාමුත් මගෙ දිහා බලාගන උන්නා.... නිකන් නෙවෙ ඒ ඇස් හතරෙම තිබුනෙ මට මොකක්ද  මේ හැගීම කියලා ලෙහාගන්න බැරි හැගීමක් වෙද්දි අඩ අන්දකාර ගොම්මනෙ උනත් මං බලාගන කලාත්ම හාමුගෙ අර පිරිසිදු ඇස් දෙක තෙත් කනවා.....මට ලෙහාගන්න බැරි හැගීම් ඉපදුන ඇස් තෙත් වෙවී යනවා......

මං කොහොම කියලා නන් කතා කරන්නද....වලව් ඇත්තන්ට පස්ස හරවලා එන එක  තවත් උදහසක්  හන්දා මන් කෙරුවෙම ගුරුන්ගෙ පරුශ වදන් අහන් කර බාගන අර මහත්තය මිටිමොලවන්ඩ ගියපු ගතමනාවත් එපාය කියලා ඇහෙන නෑහෙන ගානට මුමුනලා දිරාන යන බයිසිකලෙත් ඇදන් පස්සෙන් පස්සට ආව එක..........

මයෙ සරම පැටලෙනවා...ජාති දෙකෙන් දාන් උන්න බාට කබලත් මේ වෙලාවෙම පටිය කැඩිලා යනවා....

අසරන කම මට මගෙ හුස්ම තරම් ළඟ උනත් ඒ ඇස් ඉස්සරහම බාට පටිය කැඩිලා ගිය එක කවදටත් වඩා මට බරට දැනුනා....කම්බි දාලා...දාලා ආය සැත්කම් කරන්ඩ ඉඩක් නැතිවෙන්නම මැහුම් ගැහුව බාටෙ ඒ ඇස් පනා පිට ආය නොඑන ගමන් ගියා..එහෙම්ම මන් බාට දෙක කකුලෙන් ගලවන් ලැගේජ් එකට හිර කෙරුවා .......

පුරහඳ කළුවර...Where stories live. Discover now