හිරුට සදුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා......හමේ පාට නූල...කතිරෙට කතිරෙට යනවා........අවසානෙදි අවසානම ගැටේ එක්ක ඔලු කටුව මැහිලා අහවර වෙනවා.......
සමුගන්නට සමුදෙන්නට ඇවිත් යන එන වෙනුවට එයා තෝරගත්ත සින්දුව මේ තට්ට තනි මට අහේතුකවම රිදවන්න ගත්තා.....බඩපත මැහුනා ...හිස් ඔලුව මැහිලා ගියා....ඉටිකොල ඔතල ඇදුම අන්දලා නාහෙටයි කන්වලටයි ෆෝමලීන් පොගවපු පුලුන් කෑලි ඔබන්න ඕන.........
හිස් බොගයක් හා සමාන නිර්වස්ත්ර සරුවාගෙ දිහා බලාගන උන්න මං අවසානෙදි මලකද හරහට වඩාගන වෙන බඩු මුට්ටු ආම්පන්න පිරුන මේසෙකින් තියලා කාලෙකට කලින් සුදු පාටට තිබුනත් දැන් දැන් පඩුපාට ගත්ත මාබල් අල්ලලා තිබුන මෝචරි ලෑල්ල හෝදන්න ගත්තා ....මේක හෝදන්න ඕන........පිහන්න ඕන...අවසානෙදි ආයම මලකද මේකෙ තියාගනම ඉටිකොල ඔතලා ඇදුම අන්දන්න ඕන.........මේටිකට මල කද තනියෙන් ඉස්සුවත් ඇදුම ඇන්දුවට පස්සෙ තමයි කාව හරි ඕන වෙන්නෙ........
අනූ අටයි දශම අටේ හරි දුක හිතෙන විදිහට සින්දුව යනවා......මේ විනාඩි ගානම අමරදේව මහත්තයට සින්නක්කර කරපු මගෙ සියපත.....
මට අයිතිද මගෙ කියන්න.......???
මං වගෙ හිගන්නෙක්ට අන්ත මනුස්සයෙක් කොහොම කියලා නම් මලකට අයිතිවාසිකම් කියන්නද.........??
මගෙන් හුස්මක් පිට උනා.........බොරපාට වතුර පාරත් එක්ක හේදිගන ආව වතුර ලේත් කලවම් වෙලා අවසානෙදි සිනී ගද එක්කම බාල්දියට වැටුනා..........එකපාරකින් හෝදපු ලෑල්ල අනිත් පාර මං ආයම පඩංගු ගැහුන රෙදි කෑල්ලකින් පිහලා ඒ උඩට ඩෙටෝල් ටිකක් හලලා ආයම රෙදි කෑල්ලකින් පිහදැම්මා
වෙනමොකටවත් නෙවෙ මට බඩගිනී....වේලක් ඇර වේලක් කනව මිසක තුන් වේලක් කන්න කොහෙන් කියලා පිනක්ද.....?ගෙයි ඇතුලෙම කොටගලුවක් පත්තු උනහම තවත්වියදමක් එකතුවෙනවා නෙවේද......
මොකො බැරි කෙල්ලට හැමදාම රෙදි අන්දන්නද....එ අන්දනවා කියලා හරි හමන් රෙදිකෑලි තියනවද...කටු ඇනිලම ඒකිට පිටගැස්ම ගන්ඩද......???
මලකද ආයම වකුටු ගැහිලා.....හෙලුවෙන් තියාපු මලකදෙ උකුල් ඇට උඩට මතුවෙලා....අංගජාතකෙ දුම්කොල නැට්ටට වඩා අන්තෙට ඇකිලිලා ගිහිල්ලා.......හරිහමනට වතුර ටිකක් වැටුන් නැතිසර්වාංගෙ හම තනිකරම මේ වේලුම් කාපු මහපොලව වගෙ තැනින් තැන ඉරිතැලිලා......කවදාවත් සුවද ගහන සබන් කෑල්ලක් ශැම්පු ටිකක සාරෙ නොවිදපු තැනින් තැන සුදු ගැහුන බොකුට්ට ගැහුන කොන්ඩෙ තනිකරම වේලුම් කෑව ගදපාන පදුරකට අන්ත වෙල...
YOU ARE READING
පුරහඳ කළුවර...
Fanfictionඋඹ දැන් ඉන්නෙ සත්මහල් ප්රාසාදෙක.... මං ඉන්නෙ වියලි කලාපෙ මැටිගෙදරක.... උඹට මං දුන්න පලවෙනිම හාදුවෙ රස්නෙ තවම අර හර්ස් එක ඇතුලෙ... මං තවමත් අහන්නෙ ආකාස.....මාව උඹට ගැලපෙනවද....? හ්ම් හුගක්....මන්දාරම් හෙට දහයෙ කනිසමෙන් මං මගෙ ආදරෙ මේ රටටම කියන්නද?ම...