මං සයිකලෙන් බිමට බැස්සා..සීට් එකේ ඉදගනම මහපොලවට කකුල ගහන්න පුලුවන් උනත් මං සීට් එකෙනුත් පොල්ලට බැහැල පොල්ලෙ අඩමානෙට ඉදගන එක කකුලක් පොලවට තියලා අනික පැඩල් එක උඩින් තියාගන දූවිලි වලා රොද මැදින් මතු උන මේ නන්නාදුනන මහත්තුරු දිහා බලාගන උන්නා...
මල්ලි නවරත්න ගුරු ගෙදර කොහෙද අහනවා...
බාගෙ වෙලාවට මේ අලුතෙන් එනවයි කියපු ගුරාවත්ද ...ඒත් එනවා කිව්වෙ එකයිනෙ.....එකට දෙකක් මක්කටද....
නෑයෙක් නම් වෙන්ඩත් බෑ......
මහත්තයලා ගුරු ගෙදට්ටද.....
ඔව්....කිව්වෙ නම් කඩේ ගාවින් බැහැලා අස්සට කියලා...
ගල්පොත්තක්ද මොකක්ද තියනවා කිව්වා නේ ...??මෙතන ඉදන් පයින් යන දුරද නැත්තන් වීල් එකක යන්ඩ වෙයිද........
මං උන්නෙ අහසින් බිමට වැටුනටත් වඩා හපන් ගානට.............දෙන්නා මාරුවෙන් මාරුවට කියවගන්නවා....වෙලාවකට මගෙ මූන දිහා බලනවා....වෙලාවකට ආයම දෙන්නට දෙන්නගෙ මූන බලාගන්නවා......පයින් යන දුරද .....වීල් එකක යන්න වෙයිද අහනවා....
මෙහෙ කව්ද මහත්තයො වීල් වල යන්නෙ...බඩ දරු අම්මත් ගාටන්නෙ පයින්නෙ කියන්ඩ කට ආවත් මහන්සියටම දාහෙටම රතෙ රත ගහලා තිබුන ඒ මහත්තුරුන්ගෙ මූනු දිහා බලාගන කියන්ඩත් මොකක්ද වගේ හිතෙනකොට මං කෙරුවෙ බයිසිකල් පොල්ලෙනුත් බැහැලා කැහපට කවාගන උන්න සරම ලෙහාදාලා පිලිවලට හිටගත්ත එක......
නවරත්න ගුරු ගෙදට්ට නම් යන්ඩ ඕන ඉස්සරහ පාරින් හැරිලා.....හැබැයි මහත්තයො වීල් නම් යන්නෙ නෑ.......පයින් තමයි ගමන.....මේවයි කව්ද මහත්තයො වීල්වල යන්නෙ.........
මේවත් උස්සගන...අපරාදෙ අප්පච්චි එන්ඩ අහනකොට එපාය කිව්වෙ......වීල් නෑ කියන්නෙ හෙට උදෙම්ම මට ආයම ගාටන්ඩ වෙන්නෙ පයින්ද...
මල්ලි හදන්නෙ හෙට උදෙම්ම කොලඹ යන්නද....ඇයි කිව්වනෙ නිවාඩු ගත්තය කියලා....
තුනයි....මේ ගමන් මහන්සිය එක්ක මට ස්ටේශන් එකට ගිහිනුත් නිදියන වෙන්නෙ......පියුම් මේක මාර දුශ්කරයි වගේ......එලුවන්කුලමට හා යකියන්ඩ තිබ්බෙ ......අනික පුත්තලම් කොලඹ බසුත් ඕන තරම් තියනවා........දැන් ඉතින් මොනවා කරන්නද......බෑ කියන්නද.......
YOU ARE READING
පුරහඳ කළුවර...
Fanfictionඋඹ දැන් ඉන්නෙ සත්මහල් ප්රාසාදෙක.... මං ඉන්නෙ වියලි කලාපෙ මැටිගෙදරක.... උඹට මං දුන්න පලවෙනිම හාදුවෙ රස්නෙ තවම අර හර්ස් එක ඇතුලෙ... මං තවමත් අහන්නෙ ආකාස.....මාව උඹට ගැලපෙනවද....? හ්ම් හුගක්....මන්දාරම් හෙට දහයෙ කනිසමෙන් මං මගෙ ආදරෙ මේ රටටම කියන්නද?ම...