දෙවන හංස පිහාටුව

130 27 13
                                    

උදේම නැගිටලා ස්කොලෙට යන්න ලැස්ති උන මම බිනරි දුන්න කැම එකත් අරගෙන ටිචර්ටත් වැදලා එන්න ආවා. ටික දුරක් පයින් ඇවිත් එදා අර රස්තියාදුකාරයෝ හිටිය තැනින් හැරිලා ග්‍රවුන්ඩ් එකෙ එහා පැත්තේ වගෙ තමයි ස්කොලේ තිබ්බෙ. ටිචර්ලගෙ ගෙදර ඉදලා ටිකක් දුර යන්න තිබ්බත් එක ඒ හැටි ගානක් උනේ නැ. බස් වල නැගගෙන හිර වෙලා යනවට වඩා ඇත්තටම මෙහෙම යන්න තියෙන එක සහනයක්.

"ගුඩ් මොර්නින් සර්....."

ස්කොලේ ලගට ඇවිත් මෙන් ගෙට් එකෙන් ඇතුලු වෙනවත් එක්කම ශිෂ්‍යය නායක දරුවෙක් මට හිනා වෙලාම සුභ පැතුවා.

"ගුඩ් මොර්නින් දරුවෝ..... මට ප්‍රින්සිපල් ඔෆිස් එකෙ කොයි හරියෙද කියනවද....."

"සර් අලුතින්ද......"

ඒ දරුවා මන් අහපු දේට උත්තර නොදි මගෙන් ආපිට ප්‍රශ්නයක් ඇහුවා. උත්තර දෙන්න පුළුවන් කම තිබ්බත් මම හිනාවක් විතරක් දිලා නිකම් හිටියා.

"එන්න සර් මම ඔෆිස් එක පෙන්නනම්...."

එහෙම කියන් ඒ කොල්ලා ඉස්සරහ වෙලා යද්දි මමත් හා කියලා ඔලුව හොලවන ගමන් කොල්ලා පස්සෙ යන්න ගත්තා. උදේම නිසා ළමයි එහෙ මෙහෙ දුවනවා. සමහර අය කොසු ඉදල් අරන් අතු ගාද්දි වටපිට බලන ගමන්ම මම අර දරුවා එක්ක ඔෆිස් එක පැත්තට එන්න.

"සර් ඔෆිස් එක....."

"අහ් ස්තුතියි ළමයෝ....."

ඒ කොල්ලගෙ උරහිසටත් තට්ටුවක් දාන ගමන් මම ස්තුතියි කරා. කොල්ලා මටත් ඔලුව නවලා ආයෙත් ආපු පැත්තට දුවන්න ගද්දි මමත් එහෙම ඇතුල් උනේ ඔෆිස් එක ඇතුලට.

"Good morning sir....."

"Good morning take a sit....."

"Thank you sir....."

ෆයිල් එකත් ටෙබල් එක උඩ තියන ගමන් මම ප්‍රින්සිපල් සර්ගෙ ඉස්සරහ ඉද ගත්තා. ටිකක් වයසක කෙනෙක් ඉදි කියලා බලාපොරොත්තුවෙන් ආවත් ඇතුලේ හිටියේ මට වඩා ඔන්නම් අවුරුදු හත අටක් වයසින් වැඩි කියලා කියන්න පුළුවන් තරුණ කෙනෙක්. ෆයිල් එකත් අතට අරන් සර් ඒ දිහා උවමනාවෙන් බලලා සයින් එක දලා ආයෙත් ටෙබල් එක උඩ තියන ගමන් මගෙ දිහා බැලුවා.

හංස  |Slow update|Where stories live. Discover now