තෙවන හංස පිහාටුව

29 11 5
                                    

හුස්ම වැදෙන තරම් දුරකින් අපි ලන් වෙලා ඉද්දි කෙන්තියෙන් පිරිලා තියෙන ඒ මුන දිහා මම ඇහි පිය නොහෙලා බලන් හිටියා. කොළ පාට අහංකාර ඇස් දෙක තරහටම රත ගහලා. දත් එකිනෙක සද්දෙන් තෙරපෙද්දි ඒ හකු පාඩ කෙන්තියට තද වෙලා තිබ්බා. ඇස් බැමි දෙකත් එකිනෙකට ලන් වෙලා වෙලා නලල රැලි ගැහිලා තියෙද්දි මේ මනුස්සයා කෙන්ති ගියාමත් පුදුම තරම් ලස්සනයි නෙද කියලා හිතුනා.

තප්පරෙන් තප්පරය ගෙවිලා යන්න ඇති. මන් එයා දිහා වගෙම එයත් මගෙ දිහා බලන් ඉද්දි අපි දෙන්නටම ඉන්නෙ කොහෙද අපි අතර තිබ්බ හැගිම මොකක්ද කියන එක අමතක වෙලා ගිහින් තිබ්බා. ටිකෙන් ටික ඒ කෙන්තිය නැති වෙලා යනවා එයා දිහා ඇහි පිය නොහෙලා බලන් හිටිය මට පැහැදිලිවම පෙනුනා. එයාගෙ ඇස් දෙක මගෙ මුන පුරාම එහෙ මෙහෙ ගියේ හරියට මගෙ මුනේ එක අගලක් නැරම ඒ ඇස් වලින් පිටපත් කර ගන්න වගෙ. එත් මගෙ ඇස් දෙකම නැවතිලා තිබ්බෙ ඒ එහා මෙහා යන මායාකාරි කොළ පාට ඇස් ලග.එවා පුදුම තරම් ලස්සනයි දිග තෙමුන ඇහි පිහාටු එක්ක ඒ ඇස් දෙක මම මේ තරම් ලගට දැක්කෙ අද.

වශි වෙලා වගෙ බලන් ඉන්න පුළුවන් තරම් මම ඒ කොළ පාට ඇස් දෙක ලග වහ වැටුනා. මොහොතකට ඒ ඇස් දෙක ලගින් මගෙ ඇස් මුදව ගන්න මට ලෝබ හිතුනා. එත් අපිට එහෙම වැඩි වෙලාවක් ඉන්න උනේ නැ. බිනරි ඇවිත් ගෞරව්ගෙ අතක එල්ලෙද්දි අපි දෙන්නම හරි සිහියට ඇවිත් ගැස්සිලා එක වරම කෙල්ල දිහා බැලුවා.

"අනේ තේජාන් බෙබි..... පින් සිද්ද වෙයි ස්කොලේ මහත්තයව අත් අරින්න බෙබි...... එයා මෙහෙට අලුත් නිසා තාම හරි හැටි මෙහෙ ගැන දන්නෙ නැ..... එකයි බෙබිට කැ ගැහුවේ..... පින් අයිති වෙයි බෙබි මෙව්වා දුර දිග අරන් යන්නෙ නැතුව මෙතනින් නතර කරන්න......"

බිනරි මගෙ ශර්ට් එක තද කරලා අල්ලන් ඉන්න ගෞරව්ගෙ අතේ එල්ලිලා බයෙන් වගෙ එහෙම් කිව්වා. බිනරි දිහත් බලලා තවත් මොහොතක් මගෙ  දිහා බලන් හිටිය ගෞරව් මගෙ ශර්ට් එක අත් ඇරලා මාව එයා ලගින් අඩියක් දෙකක් පිටි පස්සට තල්ලු කෙරුවේ මම එයා දිහාම බලන් ඉද්දි. මාව ගෞරව් අත් හරිනවත් එක්කම බිනරි කලබලෙන් මගෙ ලගට දුවන් ආවා.

"ඔයා හොදින්ද මහත්තයෝ....."

කෙල්ල බය වෙලා ඒ මුත වතම දහදියට තෙත් වෙලෙ ගිහින්. කෙල්ල බයටම වෙව්ලනවා. ඒ නිසා තවත් කෙල්ලව බය කරන්න ඔනි නැ කියලා හිතුන මම එයා එක්ක හිනා උනා.

You've reached the end of published parts.

⏰ Last updated: 6 hours ago ⏰

Add this story to your Library to get notified about new parts!

හංස  |Slow update|Where stories live. Discover now