Chapter 10

818 121 34
                                        

වසත් සුළග උද්‍යෝගයෙන් මල් කොළ පිස හමායද්දී ... දාර්‍යා ග්‍රාමයේ වෙයි ගොන්සගේ පැල්පත ... ආදරේ සහ ගෘංගාරයේ මනරම් රැගුම් වලින් පිරී යද්දී ... ඔවුන්ගෙ එක්වීම පිළිබද ...  පැණි පාට හද එළිය පමණක් ... නිහඩ සාක්ශිකරුවෙකු වී උන්හ.

.
.
.
.
.

මුළුතැන්ගෙය දෙසින් ඇසුනු බදුන් එහෙ මෙහෙ වන හඩ වෙයිව මෘදු ලෙස ඇහැරවී ය. ඔහු තම දෑස් මෘදු ව පිසදමා ප්‍රවේසමෙන් සයනයෙන් නැගී උන්නේ තවමත් නිරුවත් ව තිබූ තම කය පොරෝනාවෙන් හැකි පමණ ආවරණය කරගනිමිනි . අසල තිබූ පුටුව මත ඔවුන් පෙරදින රාත්‍රියේ ගලවා දැමූ ඇදුම් සියල්ල පිළිවෙළට නවා තිබෙනු දුටු වෙයි ගෙ මුව මත මෘදු සිනහවක් පහළ වූයේ නිතැතිනි .

ජනේලය එපිටින් පෑයූ හිරුගේ රැස් දහර දැනටමත් සයනය මත රටා මැවීමට පටන්ගෙන තිබුනේ වී නමුදු එහි චණ්ඩ බවක් නොවූයේ තවමත් උදේ වරුව වන බැවින් යැයි වටහා ගත් වෙයි ... සෙමින් සයනයෙන් බැස නවා තිබූ ඇදුම් තිබු පුටුව වෙත සෙමින් ඇවිද ගියේ ය.

ඇත්තටම ඔහුට සෙමින් ඇවිදීමට සිදුව තිබුනි . මන්ද යත් , සෑම ක්‍රියාවකදී මෙන් ම සයනයේදීත් තමා අද්විතීය දක්ශයකු වග වංජි විසින් ඊයේ රාත්‍රියේ දී වෙයි ට මනාව වටහා දී තිබුනු බැවින් ...

වෙයි ගේ පශ්චාත්භාගයේ සිට ඉහළට සහ පහළට සෑම කොටසක් ම ඇදුම්කමින් පැවති නමුදු ... වෙයි ද ධ්‍යානවේදියෙකු වූ බැවින් ඔහු අන් අයෙකුට වඩා හොදින් මේ වේදනාවන් දරා උන්නේ ...ලන් වංජිව දරාගත හැක්කෙ නම් වෙයි වුක්ශියෑන් ට  පමණක් ම බව යළිත් යළිත් තහවුරු කරවමිනි.

වෙයි ගොස් නවා තිබූ ඇදුම් ගොඩින් වංජිගෙ සුවද රැදි සුදුපැහැ දුහුල් යටිකබාය තෝරාගෙන , පොරවාගෙන උන් පොරෝනාව පසෙක ලා ... වංජිගේ යට කබාය තම ගත දවටාගත්තේ එහි තිබූ සදුන් සුවද සිත් සේ විදිමිනි.

ඉන්පසු සෙමින් තම නග්න දෙපා මුළුතැන්ගෙය දෙසට මෙහෙය වූ ඔහු ... ප්‍රවේසමෙන් අඩිතබමින් ඒ වෙත ළගා විය.

වංජි මුළුතැන්ගෙයි දොරටුවට පිටුපා කිසියම් වැඩක නිරතව සිටී. ඔහු සැරසී උන්නේ ළා නිල්පැහැ වස්ත්‍රයකින් වෙද්දී ... එය දුටු වෙයි ගේ සිනහව පෙරටත් වඩා පුළුල් විය.

Gorgeous Days ( Completed )Where stories live. Discover now