යුන්මෙන් නිකාය නායක ජියැන්ග් චෙන්ග් ... නිකාය කනිෂ්ඨයන්ගේ සටන් කලා අධ්‍යනයේ යෙදී සිටින අතරතුර , ඔහු උන් ඉසව්වට දිව ආ නිකාය සාමාජිකයෙක් ඔහුට ආචර කරමින් ම ,
" කමාකරන්න නායක තුමනි බාධාකළාට ... නමුත් මෙය හදිසි කාරණාවක් ... හන් ගුආ ජුන් ප්රධානීතුමාත් යීලින් කුලදෙටුවාත් මේ මොහොතේ යුන්මෙන් තොටුපොළෙන් බැස යුන්මෙන් වලට ඇතුළු වුනා ... නිකායේ සාමාජිකයන් ඔබතුමාගේ නියෝග ලැබෙන තුරු බලා සිටිනවා ..."
වංජිගේ සහ වෙයි යින්ග් ගේ විවාහය තවමත් ධ්යානවේදි ලොවට රහසක්ව පැවතුනි . එසේම හන්ගුආ ජුන් ගැන පෙර තිබූ බිය මුසු ගෞරවය මෙන් ම යීලින් කුලදෙටුවා ගැන වු අනියත බියද ... බොහෝ කලක් ගතව ගොස් තිබුණද තවමත් ධ්යානවේදි ලොව බොහෝ අය අතර නොනැසී පැවතුනේ වී ... වැන්ග්ශියෑන් දෙපළගෙ මේ ආගමනය යුන්මෙන් ජියැන්ග් නිකායේ සාමාජිකයන් ව වික්ශිප්භාවයකට ඇද දමා තිබුනි .
" ච්ඃ මුන් ට කලින් කියලා එන්න බැරි හැටියක් ... "
නුරුස්නා හඩින් තනිවම තමාටම මුමුණාගත් ජියැන්ග් නිකාය නායකතුමා ,
" කලබල වන්න දෙයක් නෑ ... ඔවුන් ව ප්‍රධාන ශාලාවට ගෙන ගොස් ආගන්තුක සත්කාර පිළිගන්වන්න ... මා ඉක්මණින් පැමිණෙන්නම් " යැයි පැවසුවෙ ... පණිවුඩය ගෙනා තැනැත්තාව විස්මයෙන් අන්දමන්ද කරමිනි.
.
.
.
ජියැන්ග් චෙන්ග් ප්‍රධාන ශාලාවට පැමිණෙන විටත් ... වෙයි සහ වංජි උන්නේ රසකැවිලි අනුභව කරමින් ... යුන්මෙන් සත්කාර නිහතමානීව පිළිගනිමිනි .
" හිතුවෙ නෑ මෙතරම් ඉක්මණින් ගම් රට බලා පැමිනේවි යැයි ... "
අඩක් නක්කල් හඩින් ද අඩක් හෘදයාංගම බවක් පිරුණු හඩින් ද එලෙස තෙපළමින් ම ජියැන්ග් චෙන්ග් ශාලාවට ඇතුළු විය .
ජියැන්ග් චෙන්ග් ව දුටු වංජි සහ වෙයි වහා තම අසුන් වලින් නැගිට ඔහුට ආචාර දක්වද්දී ... ජියැන්ග් චෙන්ග් ද පෙරළා ඔවුන්ට ආචාර කරමින් ම ඔවුන් ව යුන්මෙන් වෙත පිළිගත්තේ ය.
මිනිත්තු කිහිපයක් ආගිය කතාවලින් පිරී ගිය පසු ... අවසානයේ වෙයි තමා මෙහි පැමිණි ප්‍රධාන අරමුණ ජියැන්ග් චෙන්ග් ට හෙළි කළේ ය.
YOU ARE READING
Gorgeous Days ( Completed )
أدب الهواةආශ්චර්යය වගේ කතාවක් ඕන කියල කියපු අය වෙනුවෙනුයි මේ කතාව ... Gorgeous Days ... කතාවේ නමින් ම කෙනෙකුගේ හිතේ සතුටක් ඇති කරන්නයි මට ඕන වුනේ ... ඉතින් මේ කතාව ලියවෙන්නේ TU ඉවරවුනු තැන ඉදන් ... මතකනේ ... වෙයි සහ වංජි කදුකරයේදී මේ විදිහට කියල වෙන්වුනා...
