ඉන්පසු පැමිණි දවස් කිහිපය වේගයෙන් ගෙවුනි. ඒවායින් වැඩි දවසක් ම වෙයි ගත කළේ සයනය මත හෝ නාන කාමරය තුළය. ඔහු අහාරයට ගන්නා සෑම දෙයක් ම විනාඩි කිහිපයකින් ආපසු ඉවතට දැමීම පුරුද්දක් වන තරම් වාර ගණනක් මේ වනවිට ඔහු ගන්නා ආහාර ඉවතට දමා තිබුනි.
මේ කාලය තුළ ඔහුගෙ සාත්තු සප්පායම් සියල්ල චෙන්ග් විසින් තනිවම සිදු කළේ , වෙදදුරු හැරුනු කොට නිකායේ අන් කිසිවෙකු වෙයි ගේ තත්ත්වය දැනගැනීම ... වෙයි විසින් නොරිස්සූ බැවිනි.
" චෙන්ග් ... මට පුළුවන් තනියම මේ ටික කරගන්න ... ඔබ නිකායෙ වැඩ ගැන බලන්න "
සුදුමැලි මුහුණකින් සහ පැලී ගිය දෙතොළකින් යුතුව අපහසුවෙන් සයනය මත වැතිර සිටින අතර ම වෙයි තෙපළද්දී ,
" මගෙන් මැරුම් නොකා විවේක ගන්න"
යැයි ඉතා සන්සුන් ස්වරයෙන් පැවසූ චෙන්ග් ... තෙත රෙදි කඩක් ගෙන වෙයි ගේ ඇගේ දාඩිය පිසදමන්නට විය.
වංජි ගුසු වෙත ගොස් සතියක් ගෙවී ගියේය . ඒකාලය තුළ වෙයි සයනයට ම සීමා විය.
ලියුම් ගනුදෙනු ව පවා නතර වුවද ... වෙයිට ඒ ගැන සිතිය නොහැකි වූයේ ... සයනයෙන් බැසීමට වත් හයියක් ඒවනවිට ඔහු තුළ ඉතිරිව නොතිබූ බැවිනි.
' ලන් චාන් ලිපිය තේරුම්ගත්තා නම් ඉක්මණින් එන්න ඕන නෙද ... ඒත් ඇයි ඔහු ප්රමාද ... ඒ ලිපිය නොතේරෙන්න තරම් ඔහු මෝඩයෙක් නෙවෙයිනේ ...
එසේනම් එසේනම් මා ගැබ් ගත් බැව් තේරුම්ගත් පසු ඔහුට මාව එපා උනාද ... ඔහු මා අත හරින්නද තීරණය කළේ ... මා මා මා ... අනේ ලන් චාන් !'
උණ විකාරයෙන් සයනය මත පෙරලෙමින් ම වෙයි මනෝලෝක වලට පිවිසෙද්දී ... මේ මුළු වෙලාවෙම ඔහුගේ මුවින් පිට වූ එකම වදන වූයේ ,
" ලන් චාන් ... ලන් චාන් ... ලන් චාන් ... "
යන්න පමණි.
ඔහු දෑස් පියා සිටියදීද ඔහුගේ දෑස් දෙකෙළවරින් කදුළු බේරෙන්නට විය.
මේ මුළු කාලය ම චෙන්ග් ඉතා ඉවසීමෙන් ... වෙදදුරු තුමාගේද සහය ඇතිව ... වෙයිව ප්රවේසමෙන් බලා කියාගත්තේද ... හරිහමන් නින්දක් හෝ නොලබමිනි.
YOU ARE READING
Gorgeous Days ( Completed )
Fanfictionආශ්චර්යය වගේ කතාවක් ඕන කියල කියපු අය වෙනුවෙනුයි මේ කතාව ... Gorgeous Days ... කතාවේ නමින් ම කෙනෙකුගේ හිතේ සතුටක් ඇති කරන්නයි මට ඕන වුනේ ... ඉතින් මේ කතාව ලියවෙන්නේ TU ඉවරවුනු තැන ඉදන් ... මතකනේ ... වෙයි සහ වංජි කදුකරයේදී මේ විදිහට කියල වෙන්වුනා...
