Chapter 14

709 110 15
                                        

දැඩිව පෙරළෙන උදරයත් සමග පසුදින අවධි වූ වෙයි ... එදින තම දවස ඇරඹුයේ , ඔහුගේ උදරයේ ඉතිරිව තිබූ ඉතිරි ආහාර සියල්ලමත් නාන කාමරයට හිස් කිරීමෙනි.

මුළු දවසම ඔහු උන්නේ සුදු මැලි වීය .

" ඔබ අසනීපෙන්ද ?"

වෙයිගේ කෙඩෙත්තු හැසිරීම පිළිබද උදය වරුවේම හොද අවධානයෙන් වුන් ජියැන්ග් චෙන්ග් ... අවසානයෙ මෙම පැනය ඔහුගෙන් විමසුවෙ  ...වෙයි  උදෑසන ආහාරය පවා අතගා දමා , පසුව දිවා ආහාරය සම්පූර්ණයෙන් ම ප්‍රතිකේෂ්ප කරමින් නිරාහාරව උන් බැවිනි.

" කුඩා අජීර්ණයක් "

වෙයි අපහසුවෙන් සිනා සී එසේ පවසා ඉක්මණින් තම කුටියට වැදුනේ ... තවත් කිසිවෙකුටත් තමාගේ අසනීපභාවය තේරුම් නොයනු පිණිසය .

සැබෑවටම මේ දෙය සැවොමගෙන් ම සැගවීමට ඔහුට හේතු කිහිපයක් පැවතුනි.

එක ... මේ ආරංචිය මුලින් ම පැවසිය යුතු තැනැත්තා වංජිම පමණක් විය යුතු බව ...

දෙක ... පිරිමියෙකු ගැබ් ගැනීම සමාජය විසින් කෙසේ පිළිගනු ලැබේදැයි ඔහු තුළ බියක් පැවතීම ...

තුන ...මේ බව දැනගතහොත් ජියැන්ග් චෙන්ග් ගේ ප්‍රතිචාරය කුමක් වේද යන වග ( ඔහු තමා විකෘතිකයෙකු ලෙස සලකා පයින් ගසා යුන්මෙන් වලින් එළවාවී යැයි ඔහු තුළ සාධාරණ බියක් පැවතුනි , එසේ එළවාදැමුවහොත් දුරකතර ගෙවාගෙන යළි තනිව දාර්‍යා ග්‍රාමයට යාමට තරම් ශක්තියක් මේ මොහොතේ ඔහු තුළ ඉතිරිව නොපැවතුනි. )

ඉතින් එකී මෙකී නොකී කාරණා කිහිපයක් නිසා ... ඔහු තම තත්ත්වය අන් අයගෙන් සගවා ... වංජි නැවත පැමිණෙන තුරු සිටීමට තීරණය කළද ... ඔහුගෙ උදරය තුළ සිටින කුඩා ප්‍රාණියා ... ඔහුගෙ මේ සැලසුමට එතරම් හොද සහයක් නොදෙන හැඩයැයි වෙයිට දැන් දැන් වැටහී ගියද , කෙසෙ හෝ තව දින කිහිපයක්  ඉවසා හිදීමට ඔහු අදිටන් කර ගත්තේ ය.

මෙවන් දෑ සිතමින් සයනයේ වැතිර සිටින අතර ම ... නැවතත් ඔහුගේ උදරය කැළඹෙන්නට විය. වහා සයනයෙන් නැගී සිටි ඔහු නාන කාමරය වෙත දිව යාමට සැරසුනද ... එක්වරම ඔහුගේ හිස නිලංකාර වූයේ ය. දෑස් ඉබේම පියව ඔහුව එලෙසම සයනය මත ඇද වැටුනේ ... අවට සියල්ලම ඔහුගේ දැසට නොපෙනී යද්දී ය.

Gorgeous Days ( Completed )Where stories live. Discover now